රටම හෙල්ලූ බැඳුම්කර හොරුන්ගේ සුඛෝපභෝගි වාහන ජාවාරම මෙන්න……! වහාම නතර නොකොලොත් රටම අනතුරේ……. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

රටම හෙල්ලූ බැඳුම්කර හොරුන්ගේ සුඛෝපභෝගි වාහන ජාවාරම මෙන්න……! වහාම නතර නොකොලොත් රටම අනතුරේ…….

බැදුම්කර මුල්‍ය වංචාව හරහ බිලියන් ගණනින් රටේ ජනතාවගේ මුදල් කොල කෑ එජපයේ මහා ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින කූප්‍රකට හොරුන් සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ ගෙන්විම මුවාවෙන් රටේ ජනතාවගේ බිලියන් ගණනක් බදු මුදල් වලට කෙලවිමේ උත්සහයක් මේ වනවිට අනාවරණය වි තිබේ.

එජාපයේ කුප්‍රකට ආර්ථික ඔස්තාර්ලා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගියදා ඉදිරිපත් කල අයවැය වාර්තාව හරහා මෝටර් රථ ගෙන්විමේ බදු අයකිරිමේ ක්‍රියාවලිය සකස් කර ඇත්තේ මේ රටේ අතලොස්සක් වු වාහන මාෆියාකරුවන්ගේ උවමනාවන් ඉටුකිරිමට බව එම බදු අයකිරිමේ ක්‍රියාවලිය හරහා මනාව තහවුරු වි තිබේ.

නිෂ්පාදන වටිනාකමට අඩුවෙන් මිල සඳහන් කරමින් සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමෙන් රුපියල් බිලියන ගණනක තීරු බදු වංචාවක් 2017 වසරේ අනාවරණය වු අතර 2014 වසරේද රුපියල් කෝටි 300කට අධික බදු මුදලක්‌ රජයට අහිමි කරමින් වාහන ආනයන සමාගම් කීපයක්‌ විසින් ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර මෙරටට ගෙන්වූ අධිසුඛෝපභෝගී වාහන 400ක්‌ රේගු අත්අඩංගවට ගැනිමටද මෙම වංචාව නොදැවැනි වේ.

මර්සිඩීස්‌ බෙන්ස් C,E Class‌, බී. එම්. ඩබ්ලිව්. 3,5 හා අවුඩි A3,A5 යන වර්ගවලට අයත් සුඛෝපභෝගී වාහන සදහා වංචනික ආකාරයෙන් බදු සහන ලබා ගනිමින් එම රටේ ධනය විශාල වශයෙන් රටෙන් පිට කර සුඛෝපභෝගී වාහන 4000ක් පමණ වහාම ගෙන්විමට කුප්‍රකට වාහන ගෙන්විමේ මාෆියා කරුවන් කිහිප දෙන කටයුතු කරමින් සිටින බවයි අනාවරණය වි ඇත්තේ.

පහත දැක්වෙන නිදර්ශනයන් වගුව සමග සංසන්දනාත්මකව පිරික්සන්න…

නිදර්ශණ අංක 01

මර්සිඩීස්‌ බෙන්ස් E (Mercedes-Benz E-Class) සදහාවු CIF JPY නොහොත් ජපන් යෙන් මිල 5,295,857,BMW 5 වන කාණ්ඩය සදහා වන 4,500,667 CIF JPY අගය වෙනුවෙන් සන්සන්දනය කරන්න.තිරුබදු ගණනය කරනු ලබන්නේ CIF(Cost, Insurance and Freight ) මත හා සැමවිටම සමාන වන එන්ජින් ධාරිතාව ,සහ අවසන් ගණනය කිරිම සිදුවන්නෙ වටිනාකම පදනම් කරගෙනය.

නිදර්ශණ අංක 02

තීරුබදු තිරණය වන්නේ 100%වන එන්ජින් ධාරිතාවට වඩා CIF වටිනාකම මත සිදුවන ගණනය තුලය එය JPY 1,890,000 සමග සන්සන්දනය කරන්න….

JPY 2,075,000 තීරුබදු 300%වන අතර එය CIF ගණනය මත පනවන ලබන අගයට වඩා වැඩිය.

නිගමනය…

පාරිභෝගිකයාට සහනයක් ලෙස ලැබිය යුතු මැස්ධා සදහා තිරු බදු ගෙවිම සම්පූර්ණයෙන්ම් CIF වලට අතිරික්තයක් ලෙස පවති. මේ ක්‍රමවේදය හරහා ජපානයෙන් අපනයනය කරන මෝටර් රථ සදහා අධික බද්දක් පැනවි ඇති අතර කුප්‍රකට සමාගම් විසින් ඔනෑකමින්ම ජපන් වාහන ගෙන්විමට කෙලවා ඇති අතර මේ වනවිටත් ජපන් රජය මේ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රීක මට්ටමෙන් ශ්‍රි ලංකා ආණ්ඩුව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටද කටයුතු කරමින් සිටින බවයි තානාපති ආරංචි මාර්ග සදහන් කළේ.

උදාහරණ….අංක 03

TATA Sumo(ඩිසල් ) CIF JPY රථයක සිලින්ඩර ධාරිතාව 3000ක් වන අතර land Rover Discovery (ඩිසල් ) රථයක ලින්ඩර ධාරිතාවද 3000ක් වේ.ඒ අනුව එම වාහාන දෙකටම ලින්ඩර ධාරිතාව මත පදනම්ව අයකරනු ලබන බදු මුදල 7500*3000=22,500,000 කි. වාහනයේ මුල් වටිනාකම් දෙක සන්සන්දනය කරන්න TATA Sumo CIF JPY(1,960,857) ක් වන අතර land Rover Discovery CIF JPY(5,259,214) කී.වාහනයේ සුඛෝපභෝගි තත්ත්වයන් හෝ එහි ශක්තිමත් භාවය මත පදනම් නොවි සිලින්ඩර ධාරිතාව නැමති කුප්‍රකට ජාවාරමේ තරම මේ හරහා තෙරුම් ගැනිම ඉතාම පහසුය.

කුලියාපිටිය ප්‍රදේශයේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන මුවාවෙන් රජයේ ඉඩම් කොල්ලකරි ලෙස අත්පත් කර ගැනිමට කටයුතු කල වොක්ස්වැගන් සහ අවුඩි ලංකාවට ගෙන්වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමේ සභාපති නොයෙල්සේ ල්වනායගම්,ව්‍යාපාරිකයකු මෙන්ම ලංකාවට ලෑන්ඩ් රෝවර්,ජගුවර් ගෙන්වන සුමල් පෙරේරා,Volvo,Porsche මෝටර් රථ ගෙන්වන ආතර් සේනානායක, සහ බෙන්ස් රථ ගෙන්වන පණ්ඩිතරත්න යන කණ්ඩායමේ බලපෑම මත මෙම බදු ක්‍රමයන් සියල්ලම අක්‍රමවත් ලෙස සකස් කරගෙන ඇති අතර මිට අමතරව සමාගමක මැදිහත් විමකින් තොරව ෆෙරරාරි (Ferrari) මෝටර් රථ ගණනාවක් 8ක් සහ ලංකාවේ පාවිච්චියට නොගන්නා මෝටර් රථ කිහිපයක්මද මෙරටට ගෙන්විමට මෙම කුප්‍රකට ව්‍යාපාරිකයන් කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

අදාළ බදු සහන වංචාව මේ වනවිට අනාවරණය විමත් සමග කලබලයට පත්ව සිටින මෙම කුප්‍රකට ව්‍යාපාරිකයන් සහ ඔහුන්ගෙන් සන්තොෂම් ගෙන ජනතාවගේ බඩට පයින් ගසන කාලකන්නි දේශපාලන නියෝජිතයන් එක්ව එම මෝටර් රථ මේ සති අන්තය වනවිට ලංකාවට ගෙන්ව ගැනිම සදහා සමාන්‍ය ක්‍රමයෙන් පරිබාහිරව ගුවන් මගින් එම වාහන ගෙන්විම සදහා කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න…



lankanewsweb.info

No comments:

Post a Comment

Post Bottom Ad