සියලු රාජ්‍ය සේවකයන්ට නිවාස ලබා දෙන්න 'නිල සෙවණ' නමින් වැඩපිළිවෙළක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 24, 2018

සියලු රාජ්‍ය සේවකයන්ට නිවාස ලබා දෙන්න 'නිල සෙවණ' නමින් වැඩපිළිවෙළක්


සියලු රාජ්‍ය සේවකයන් සඳහා 'නිල සෙවණ' ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ (2018) සිට නිවාස ලබාදීමේ
වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට

රජය තීරණය කර ඇත.
මෙහි පළමු පියවර ලෙස මෙම වසර අවසන් වීමට පෙර නිවාස 10,000ක් රාජ්‍ය සේවකයන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය. මේ වන විට මහනුවර, පොළොන්නරුව, මොනරාගල, ගම්පහ සහ කොළඹ කේන්ද්‍ර කොටගෙන නිල සෙවණ ව්‍යාපෘතිය යටතේ රජයේ සේවකයන් සඳහා නිවාස සහ නිල නිවාස ඉදිකිරීමට කටයුතු කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටා පාරේ නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.


No comments:

Post a Comment

Post Bottom Ad