සංචාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිව තිබේ. තරගාවලිය මේ මස 31 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වේ.
තරගාවලියට එක්වන 16දෙනා ශ්‍රී ලංකා සංචිතය ද අද (13 වැනිදා) නම් කරනු ලැබීය. එම සංචිතයට මෙන්ම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව උපනායක සුරංග ලක්මාල් ට ද ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදණයේ සදහන් වේ.
නම් කළ සංචිතයෙහි ඉන්දියානු ටෙස්ට් තරගාවලිය සදහා කණ්ඩායමට ඇතුළත් නොවු කුසල් මෙන්ඩිස් හා දනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැදවා ඇති අතර සදීර සමරවික්‍රම හා නුවන් ප්‍රදීප් කණ්ඩායමෙන් ඉවත් කර ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රෝෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල් (උප නායක), දිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය, ලහිරු ගමගේ, ලහිරු කුමාර
Saturday, January 13, 2018
Home
ක්‍රීඩා පුවත්
සුරංග ලක්මාල්ට අලුත් තනතුරක් දෙමින් බංගලියන්ට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙන්න..
සුරංග ලක්මාල්ට අලුත් තනතුරක් දෙමින් බංගලියන්ට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙන්න..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment