මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(12 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක බංග්ලාදේශට සහ සිම්බාබ්වේට එරෙහිව තරග වැදීමට නියමිතය. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරයි.
ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ආගමික වතාවත්වලට එක්වූ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කණ්ඩායමේ නායක මැතිව්ස් කියා සිටියේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට කණ්ඩායම සුදුසු මානසික මට්ටමකින් පසුවන බවයි. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සීමිත පන්දු වාර ක්‍රිකට් නායකත්වයට නැවත පත් වීමෙන් පසු සහභාගී වන පළමු තරගාවලිය මෙන්ම නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ පළමු තරග සංචාරය ද මෙයයි.
– ඇන්ජලෝ මැතිව්ස්
– අපි පිලිගන්නවා ගිය වසරේ එක්දින කණ්ඩායම ටිකක් බිඳ වැටිලා තියනවා නමුත් දවස් 15ක් විතර නව පුහුණුකරු හතුරුසිංහ මහත්තයා සමග ඉතාමත් මහන්සියෙන් වැඩ කළා. වෙනසක් බලා ගන්න පුළුවන් ඉදිරියේදී. ඉස්සර බංගලාදේශය වත්, ඉස්සර සිම්බාබ්වේ කණ්ඩායමවත් නෙමෙයි. ලොකු අභියෝගයක් නමුත් අපේ කණ්ඩායමේ ඉන්න සියලුම ක්‍රීඩකයන් ඉතාමත් ම දක්ෂ ක්‍රීඩකයින්. කණ්ඩායමේ හොඳ සමබරතාවයක් තියනවා. විශ්වාස කරනවා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.
Saturday, January 13, 2018
වෙනසක් කිරීමට මැතිව්ස් සූදානම් (VIDEO)
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment