පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජේයෂ්ඨයෙක් ඉරිදා මව්බිම පුවත්පතට පවසා ඇත.
මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් තිස් දෙනකුගේ නම් සඳහන් වන බවත්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිස් දෙදෙනකුගේ නම් සඳහන් වන බවත් ශ්‍රී ලනිප ජේයෂ්ඨයකු වැඩිදුරටත් සඳහන් කළේය.
බරපතළ වංචා දූෂණ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට සිද්ධි 34ක් ගැන තොරතුරු අඩංගු වන බවද ඔහු වැඩිදුරටත් කීවේය. රාජ්‍ය දේපළ, වත්කම් විනාශ කරන අයට, හොරුන්ට, වංචාකාරයන්ට ඒ සියලු දෙනාට, ඒ අයගේ තත්ත්වය, තනතුරු, පක්ෂය කිසිදෙයක් නොබලා ගතහැකි සියලු තීරණ ගෙන දඬුවම් කිරීමට අවශ්‍ය පසුබිම හදන බව පසුගිය 11 වැනිදා මැදිරිගිරියේ දියසෙන් පුර පැවැති ජන රැලියකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.
Saturday, January 13, 2018
මැති-ඇමැති 62කගේ පැටිකිරිය හෙළිවේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment