අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක !

පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස සිදුවන ගැබ්ගැනීම් වැලැක්වීම සඳහා කාන්තාවන් විසින් භාවිතා කරනු ලබන ඖෂධ වර්ගයක ඇසුරුම් විශාල ප‍්‍රමාණයක් ඊයේ (15)හමුවී තිබේ.

අනුරාධපුර නගරාසන්නයේ පිහිටි එම විද්‍යාලයේ නව වසරේ පාසල් වාරය ආරම්භ කිරීමට පෙර මීට දිනකිහිපයකට ඉහත දී පැවැති ශ‍්‍රමදාන කටයුත්තකදී පන්ති කාමරයකින් වීසිකරනු ලැබූ බවට සැකකරන කුඩා පාර්සලයක් ඇයට හමුවී ඇත. ඇය එම පාර්සලය පිළිබඳව සැකසිතී පරීක්ෂාවට ලක්කරද්දී එය භාවිතා කළ ඖෂධ වර්ගයක ආරක්ෂිත ඇසුරුම් කවර බව හඳුනාගෙන තිබේ.

එම ඖෂධය හමු වූ මව එය අහඹු ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා යොදාගන්නා බව නොදැන වෙනත් රෝගයකට හෝ සිසුන්ට මත් ගතිය ඇතිවීමට භාවිත කරන ඖෂධ යැයි සිතා ශ‍්‍රමදානයට සහභාගීව සිටි තවත් තරුණ මවකට පෙන්වා තිබේ. ඒ අවස්ථාවේ එම ඖෂධය අහඹු ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා අඹු සැමි ඇසුරකින් පසු එක්වරක් පමණක් භාවිතා කරන ඖෂධ වර්ගයක් බව එම මව හඳුනාගෙන තිබේ.

පසුව එම සිද්ධිය ශ‍්‍රමදානයට පැමිණි බොහෝ පිරිසකගේ කණවැකී ඇති අතර පාසලක් තුළට එවැනි ඖෂධයක් පැමිණියේ කුමන ආකාරයකින්ද යන්න පිළිබඳව ශ‍්‍රමදානය සඳහා සහභාගි වූ දෙමාපියන් තුළ දැඩි සැකයක් මතුවී තිබේ. ඊට හේතුව පාසලක් වැනි ස්ථානයක අඹුසැමි හැසිරීම් වල යෙදෙන්නේ කවුරුන්ද? එවැනි හැසිරීම් වල යෙදීමෙන් පසු අහඹු ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා මේවා භාවිතා කරන්නේ කවුරුන්ද? යන්න පිළිබඳව කිසිවක් සිතාගත නොහැකි වීමය.

පසුව එම ඇසුරුම් කිහිපයක් තවත් අයෙකුට පෙන්වූ අවස්ථාවේ ඒවා හදිසි ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා අඹුසැමි ඇසුරකින් පසු කාන්තාවන්ට පානය කිරීම සඳහා මීට වසර කිහිපයකට පෙර වෙළෙඳ පොළට හඳුන්වා දුන් පෙති වර්ගයක් බව තහවුරු වී තිබේ. එමෙන්ම රුපියල් දෙසීයකට ආසන්න මිලකින් යුත් පෙති දෙක බැගින් එම ඇසුරුම් වල බහා තිබූ බව තහවුරු කරගත හැකි වූ අතර ඇසුරුම් වල ඇති පෙති ෆාමසියකින් ඉවතලන ඒවා නොවන බවත් කිසියම් කාන්තාවක් විසින් පාවිච්චි කරන ලද ඒවා බවත් මනාව තහවුරු කරගත හැකිවිය.

ශ‍්‍රාමදාන අවස්ථාවේ හමු වූ කවරයේ භාවිත කළ ඖෂධ පෙති හතළිහක් පමණ අඩංගුවූ කවර 20ක ප‍්‍රමාණයක් හමු වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad