මැතිවරණ දිනය තෙක් පමණක් ඒ අවසරය ලබා දෙන්න. දිනුවම හොඳට සළකන්නම්. මැතිවරණ අපේක්ෂකයෙකු පොලීසියෙන් ඉල්ලපු අපූරු ඉල්ලීම...! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

මැතිවරණ දිනය තෙක් පමණක් ඒ අවසරය ලබා දෙන්න. දිනුවම හොඳට සළකන්නම්. මැතිවරණ අපේක්ෂකයෙකු පොලීසියෙන් ඉල්ලපු අපූරු ඉල්ලීම...!

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී ලෙස මත්පැන් පෙරීමක් සිදුකරන බවට  පොලීසියට ලැබුණු තොරතුරක් මත ‍පොලිසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී සිදු වූ අපූරු සිදුවීමක් වාර්තා වෙනවා.

එම කාර්යාලය පවත්වාගෙන ගිය ‍පොලිස් නිලධාරීන් අදාල අපේක්ෂකයා හමුවී ඔහුට එරෙහිව කසිප්පු පෙරන බවට පැමිණිල්ලක් ඇති බව පැවසූ අවස්ථාවේදී එම ඡන්ද අපේක්ෂකයා පොලීසියෙන් අපූරු ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව තමන් කිසිම දිනක කසිප්පු පෙරීමක් සිදු නොකළ බවත්, මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසර ලබා දෙන ලෙසත් අදාල ඡන්ද අපේක්ෂකයා පොලීසියෙන් ඉල්ලා තිබෙනවා. එසේම එය තමන්ගේ ඡන්ද කටයුතු වලට මහත් රැකුලක් වන බවද ඔහු පොලීසියට පවසා තිබුණා.

ඒ සඳහා අවසර ලබාදුන්නහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට  හොඳින් සලකන බවද ඔවුන් පැවසූ බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා. මෙම අපේක්ෂකයාගේ ආධාරකරුවන්  පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් සහය ලබාදෙන්නේ මත්පැන් සංග්‍රහ ලබා දෙන්නේනම් පමණක් වන බවද මෙම අපේක්ෂකයා පොලීසියට පවසා තිබුණා.ඔවුන්ට රජයේ මත්පැන් ලබාදීමට අධික මිලක් වැය වන නිසා මේ දිනවල කසිප්පුවලට ඉහල ඉල්ලුමක් ලැබී තිබෙන බව පොලීසිය පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad