ජානිපෙ මන්ත‍්‍රී නිරෝෂන් එජාපයටද? දේශපාලන කුනාටු මැද නිරෝෂන් කට අරී.. හදිසි මාධ්‍ය හමුවක් කැදවා සැර උත්තරයක් දෙයි(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 9, 2017

ජානිපෙ මන්ත‍්‍රී නිරෝෂන් එජාපයටද? දේශපාලන කුනාටු මැද නිරෝෂන් කට අරී.. හදිසි මාධ්‍ය හමුවක් කැදවා සැර උත්තරයක් දෙයි(VIDEO)

ජාතික නිදහස් පෙරමුණේ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවට පසුගිය දින කිහිපයේදී අන්තර්ජාල මාධ්‍ය හා මුද‍්‍රිත මාධ්‍ය කිහිපයක් වාර්තා කොට තිබුණි.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුයේ මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ට ඇමතිවරයකු සමග අවස්ථා කිිහිපයකදී සාකච්ජා පවත්වා ඇති බවත් ඉදිරි සති කිහිපය තුළ අගමැතිවරයා සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව විපක්ෂයට එක්වීමට සූදානම් වන බවත්ය

එහෙත්  ජාතික නිදහස් පෙරමුණ අද දිනයේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර එම වාර්තා අසත්‍ය බව සනාථ කරමින් එහිදී අදහස් දැක්වු මන්ත‍්‍රීවරයා පවසා සිටියේ  එක්සත් ජාතික පක්ෂයේ සමග කවදාවත් අත්වැල් බැද නොගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ කඩාවැටීම ස්ථීර බවත්ය.


කොයිතරම් මිනීමැරවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් හිටියානම් ඒ පේ‍්‍රමදාස මහත්තය විතරයි.ආයෙ පේ‍්‍රමදාස යුගයක් එක්සත් ජාතික පක්ෂය තුල හැදෙන්නේ නෑ.පේ‍්‍රමදාස මහත්තය අපේ පංතියෙ වුනාට සජිත් පේ‍්‍රමදාස අපේ පංතියෙ නෙමෙයි..ඒක නිසා කවුරු හරි බලාගෙන ඉන්නවනමි මම එජාපයට යයි කියල ඒක වෙන්නෙ නෑ ..


No comments:

Post a Comment

Post Bottom Ad