අජන්ත මෙන්ඩිස්ව කණ්ඩායමෙන් එලවන්න ආරක්ෂක අමාත්‍යංශයට ලියුම් ලියලා..සියලු විස්තර මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 9, 2017

අජන්ත මෙන්ඩිස්ව කණ්ඩායමෙන් එලවන්න ආරක්ෂක අමාත්‍යංශයට ලියුම් ලියලා..සියලු විස්තර මෙන්න

කලාකරුවන් කිහිප දෙනෙක් පසුගිය යුද සමයේ  හමුදාවට බැඳී කටයුතු කිරීම පිළිබඳව මේවනවිට අන්තර්ජාල මාධ්‍ය තුල දැඩිව කතාබහට ලක්වෙනවා.මේ පිළිබඳව වන ආරක්ෂක අමාත්‍යංශයේ ලිපියක් ද සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබුණා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් යුධ සමයේ අජන්ත මෙන්ඩිස්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම සඳහා කළ උත්සාහයක් පිළිබඳව ද ආරක්ෂක අමාත්‍යංශයෙන් තොරතුරු වාර්තා වනවා.

අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් තමන්ට තර්ජන එල්ල විය හැකි බැවින් ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරන ලෙසයි කණ්ඩායමේ  ක්‍රීඩකයන් ලිඛිතව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත්තේ. එහෙත් ඊට ආරක්ෂක අමාත්‍යංශයෙන් එකඟතාව ලැබී නොමැති අතර අමාත්‍යංශයේ ප්‍රබල නිලධාරියෙකු දැනුම් දී ඇත්තේ ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ ලෝක මට්ටමේ සුපිරි ක්‍රීඩකයන් රැසක් ද ඒ වනවිට කණ්ඩායමට ඇතුළත්ව සිටියා. කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩකයා  අජන්ත මෙන්ඩිස්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමේ උත්සාහයට දැඩිව විරුද්ධ වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad