එන්න කිව්වට යන්නෙත් නෑ... බොන්න එපා කිව්වට නොබී ඉන්නෙත් නෑ... - ජනපතිගේ කීමට පිටුපා නාමල් මයිලෝ බොයි..! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 3, 2017

එන්න කිව්වට යන්නෙත් නෑ... බොන්න එපා කිව්වට නොබී ඉන්නෙත් නෑ... - ජනපතිගේ කීමට පිටුපා නාමල් මයිලෝ බොයි..! (PHOTOS)

අධික සීනි ප්‍රමාණයක් ඇති නිසා පරිභෝජනයෙන් වළකින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතියෙන් අයැද සිටි මයිලෝ පැකැට්ටුවක් අතැතිව හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන පා.ම නාමල් රාජපක්ෂ සහ  ඩීවී චානක අන්තර්ජාලය වෙත ජායාරූප ද්විත්වයක් මුදාහැර තිබේ. 

එන්න කිවුවට එන්නෙත් නෑ ..බොන්න එපා කිවුවට නොබී ඉන්නෙත් නෑ.. යනුවෙන් සදහන් කරමින් මෙම ජායාරූප පල කර ඇති අතර එය සෘජුවම ජනාධිපතිතුමන් ඉලක්ක කරමින් එතුමා හෑල්ලුවට ලක්කොට පළකරන ලද්දක් බව පැහැදිලි වේ. 

ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර දේ වලින් ඉවත් වන ලෙසට රටේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති විටෙක එවැනි දෑ ප්‍රවර්ධනය කිරීමට පෙළඹීම ඉතා නුසුදුසු වන අතර සෞඛ්‍යමය  කරුණු සඳහා දේශපාලනය ඈදා ගැනීමද ඉතා පහත් ක්‍රියාවකි.




No comments:

Post a Comment

Post Bottom Ad