පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයෝ රැසක් පොදුජන පෙරමුණෙන් මැතිවරණයට..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 3, 2017

පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයෝ රැසක් පොදුජන පෙරමුණෙන් මැතිවරණයට..!


එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව පොදුජන පෙරමුණේ උතුරු ප්‍රදේශයේ සංවිධාන කටයුතු බාර හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා ඊයේ (02) අනුරාධපුරයේදි පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාවලිය හා එවකට උතුරේ සිදු වූ සංවර්ධනය පිළිබදව පැහැදී එම පිරිසක එම තීරණයට එළැඹ සිටින බව ද ප්‍රධාන අමාත්‍යවරයා කීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයින් සමග එක්ව මැතිවරණයට තරග කිරීමට උතුරේ සිංහල මෙන්ම දමිළ ජනතාව ද සිය කැමැත්තක් නැති බවත් ඔහු සදහන් කළේය.

(ලංකාදීප)

No comments:

Post a Comment

Post Bottom Ad