බුද්ධදාස විමල්ගෙන් ශෂීව ඉල්ලයි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

බුද්ධදාස විමල්ගෙන් ශෂීව ඉල්ලයි..!

තමන් සමග කඩුවෙල මහ නගර සභාවට තරග කිරීමට එන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට අභියෝග කරනා බව කඩුවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි. වීරවංශ මහතාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වීමට අකමැති නම් ඔහුගේ බිරිද ශෂී වීරවංශ හෝ තමන් සමග පළාත් පාලන මැතිවණයේ තරගයට එවන ලෙසද ඔහු ඉල්ලා සිටී.

මෙම මැතිවරණයේදී බෙදී වෙන්වී තරග කර පොදු හතුරාට බලය ලබා දීම සදහා විමල් වීරවංශ ඇතුළු පිරිසට උවමනා වී තිබෙන බවද ඔහු සදහන් කරයි.  වීරවංශ මහතාගේ පක්‍ෂයේ මාතර මන්ත‍්‍රීවරයෙක් එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වන්නේ යයි තොරතුරු ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි. කඩුවෙලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad