ඒකාබද්ධයේ දිනේෂ් – විමල් – ගම්මන්පිල ආණ්ඩුවට එකතුවෙයිද ? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

ඒකාබද්ධයේ දිනේෂ් – විමල් – ගම්මන්පිල ආණ්ඩුවට එකතුවෙයිද ? (VIDEO)

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එකට එක්වී වැඩ කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කැමත්ත පල කර ඇති බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

මෙම එකමුතුවට විරුද්දව වැඩ කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා හෝ බැසිල් රාජපක්‍ෂ මහතා නොව ඒකාබද්ද විපක්‍ෂයේ සිටින වෙනත් දෙදෙනෙක් යයිද ඔහු සදහන් කලේය. ඔවුන් අනාගතයේ රජ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය බවද ඔහු පැවසීය.

බදුල්ලේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ රැස්වීමට දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්‍ෂ නායකයන් කිසිවෙකු නොගිය බවත් ඔවුන් සියළු දෙනා ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කටයුතු කිරීමට සූදානමින් සිටින බවද ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad