"පොහොට්ටුවට එකතු වෙන්න බැරි වුණේ දෙන්නෙක් විරුද්ධ නිසා" - දයාසිරි හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

"පොහොට්ටුවට එකතු වෙන්න බැරි වුණේ දෙන්නෙක් විරුද්ධ නිසා" - දයාසිරි හෙළි කරයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එකතු වීමට නොහැකි වූයේ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින දෙදෙනකුගේ දැඩි විරෝධය නිසා බැවින් ඉදිරියේ දී පක්‍ෂයට මුහුණ දීමට සිදුවන සියලු ප්‍රශ්නවලට ඒ දෙදෙනා වගකිවයුතු බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. 

ඒ ඊයේ (06) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. මහින්ද රාජපක්‍ෂ මහතා හා බැසිල් රාජපක්‍ෂ මහතාත් පක්‌ෂයේ එකතුවට කැමති බවත් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේත් අති බහුතරය කැමැති බවත් මෙම දෙදෙනාගේ විරෝධය නිසා එකඟතා කඩාකප්පල් වූ බවද පැවසීය.

අනාගත නායකයින් වෙන්න බලාගෙන ඉන්න මෙම පුද්ගලයන් දෙදෙනාගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවද ඇමැතිවරයා පැවසීය. මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙන් ආයතනයක්‌ ජයග්‍රහණය කිරීමට සියයට 60 ක බහුතරයක්‌ ගත යුතු බවත් එය පක්‍ෂවලට ඉතා අසීරු ඉලක්‌කයක්‌ බවද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් වෙනත් පක්‌ෂවල අපේක්‌ෂකයන් දිනවීමට ක්‍රියා නොකළ යුතු බවට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවද ඒ අනුව පොහොට්‌ටුව දිනවන්න කිසිවෙකු ක්‍රියා කළහොත් ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad