කොස්ගොඩ සුජීගේ ගෝලයා අල්මාරියක් ඇතුලේ සැඟව සිටියදී මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 18, 2017

කොස්ගොඩ සුජීගේ ගෝලයා අල්මාරියක් ඇතුලේ සැඟව සිටියදී මාට්ටු

දකුණු පළාතේ ක්‍රියාත්මක ප්‍රකට පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන දැනට ඩුබායි හි සැඟව සිටින කොස්ගොඩ සුජිගේ ගෝලයන් බව කියන තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මගින් පසුගිය සිකුරාදා අල්ලාගන්නා ලදි. ගිනිඅවි, කඩුකිනිසි, වෙඩි උණ්ඩ හා බෝම්බයක් සමග පිටිගල හා නාගොඩ ප්‍රදේශවලදී ඔවුන් කොටුවූ අතර ඉන් එක් අයෙකුවූ හිච්චා පොලිසිය නිවසක් සෝදිසි කරද්දී එහි කාමරයක අල්මාරියක් ඇතුළට ගොස් එය අගුළු දම්මවාගෙන සැඟව සිටියදී කොටුවී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණඩායමක් කොස්ගොඩ සුජීගේ ප්‍රධානම ගෝලයෙකු බව කියන පදුමන් නමැත්තෙකු වාසය කරන පිටිගල ප්‍රදේශයේ නිවසක් වටලා එය සොදිසි කරද්දී එහි අල්මාරියක්
තුළ කිසිවෙකු කහින ශබ්දයක් ඇසී පරීක්ෂා කිරීමේදී එහි සැඟව සිටි හිචිචා නමැත්තකු අත්අඩංගුවට ගන්නට හැකිවී ඇත. පොලිස් කණඩායම නිවස සෝදිසි කරද්දි හිචිවා නමැත්තා අල්මාරිය තුළට රිංගා නිවසේ අයට කියා එයට අගුළු දමාගෙන ඇති නමුත් ඔහු මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යා තත්වයකින් පසුව ඇති නිසා නිතර පැවති කැස්ස එම අවස්ථාවේ නවතාගන්නට බැරිව ගොස් තිබේ.

මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ දැමිය හැකි රිවෝල්වරයක් සහ එම උණඩ 05 ක්ද පොලිසිය සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් හිචිචා  කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පදුමන් නමැති සුජීගේ ගෝලයාද පසුටුවී ත. පසුව ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත තවත් නිවසක් පොලිසිය වටළන ලද්දේ නාගොඩ ප්‍රදේශයේය. එහිදී පියා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පාතාල සාමාජිකයෙක් මෙරට නිෂ්පාදිත බෝමිබයක්, කිනිසි 03 ක් හා කඩුවක්ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන්  පසුගිය කාලයේ දකුණු පළාතේ වරින් වර සිදුවූ  අපරාධ ගණනාවකට සම්බන්ධ අය බවට තොරතුරු ලැබී ඇති අතර මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන නිසා මිට කාලයකට ඉහතදි ඔහු ඩුබායි රටට පළාගොස් සැගවී ඇත.ඔහු ඔහුගේ ගෝලයන් යොඳවා අපරාධ මෙහෙයවන බැවින් මෙම මෙහෙයුම පොලිසිය ක්‍රියාත්මක කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad