තේ අවුල ගැන උඩරට වතු සමාගම් ලොක්කන් පිළිතුරු දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 18, 2017

තේ අවුල ගැන උඩරට වතු සමාගම් ලොක්කන් පිළිතුරු දෙයි

තේ අවුල ගැන උඩරට වතු සමාගම් ලොක්කන් පිළිතුරු දෙයි
උඩරට තේ අපනයනයේදි ලොව පිලිගත් තත්ත්ව සහතිකයන්ට අනුකුලව තේ නිෂ්පාදනය කර අපනයනය කරන නිසා එම තේ අපනයන බහලුම් වල කිසිදු ආකාරයකින් කෘමින් සිටිය නොහැකි බව උඩරට තේ වතු සමාගම්වල වතු අධිකාරිවරුන් අවධාරණය කර සිටිති.

වතු අධිකාරිවරුන් ඒ බැව් පවසා සිටියේ රැසියාව මගින් ශ්‍රී ලංකාවේ තේ ආනයනය කිරිම තාවකාලිකව තහනම් කිරිම සමිබන්ධයෙන් අප වාර්තාකරු කළ විමසුමකට අදහස් දක්වමිනි. ශ්‍රී ලංකාවේ තේ රැසියාවට අපනයනය කිරිමේදි එහි බහලුමක ට්‍රොගෝඩාර්මා ග‍්‍රානේරියමි නැමැති කුරුමිණියෙකි සිටියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රැසියාව මගින් ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂි වැවිලි නිෂ්පාදන අද (18) සිට තහනම් කර ඇත.

උඩරට තේ වතු සමාගම් අධිකාරිවරුන් පවසන්නේ මිට ප‍්‍රථම අවස්ථා කිහිපයකදි එම තේ බහලුම් වල තිබී කැරපොත්තන් සේවකයන්ගේ කරාබු වැනි ද්‍රව්‍යයන් තිබී ඒ පිළිබදව එරට තේ ගැනුම්කරුවන් විසින් ශ්‍රී ලංකාවේ තේ අපනයන සමාගම් වෙත දැනුම් දිමෙන් පසු ඒ පිළිබදව දැඩි ලෙස විමසිලිමත්මව සොයා බලා තවදුරටත් එවැනි දේවල් සිදු නොවීමට වග බලාගත් බවයි. 

එවැනි කි‍්‍රයමාර්ගයක් අනුගමනය නොකර එක් වරම මෙවැනි තිරණයක් ගැනිම අසාධාරණ බව වතු අධිකාරිවරුන් කියා සිටින අතර රැසියාවේ වැසියන් ශ්‍රී ලංකාවේ තේ ජාත්‍යන්තර පිලිගත් තත්ත්ව සහතික වලට අනුව නිෂ්පාදනය කරන නිසා අනෙකුත් තේ අපනයන රටවල සාපේක්‍ෂ්ව වැඩි මිලකට මිලදි ගෙන තේ බිමට පුරුදු වි සිටින බවයි වතු අධිකාරිවරුන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ගුණාත්මක තේ වලට සමාන අදේශකයක් රැසියාවට නොමැති නිසා රැසියාවට මෙම තහනම අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි බව පෙන්වා දෙන උඩරට තේ වතු සමාගම් වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියා සිටින්නේ තේ බාහලුම් නැව් මගින් අපනයන කිරිමේදී එම නැව් මාස ගණනාවක් රටවල් කිහිපයක් හරහා රැසියාවට යන අතරතුර මෙම තේ බහලුම් තුලට එම කුරුමිණියා ඇතුල් විමට ඇති අවකාශ වැඩි බවයි. තවද එම කුරුමිනියා ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වු කුරුමිනියෙකු බවට තහවුරු කිරිමට රැසියාව අපහොසත් වි ඇති බවද එම වතු අධිකාරිවරයා කියා සිටියහ.

(හැටන් රංජිත් රාපක්ෂ)

No comments:

Post a Comment

Post Bottom Ad