ජනපති මෛත්‍රීට බැණ වැදුණු මහවැලි අමාත්‍යංශයේ සේවිකාව අත්අඩංගුවට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

ජනපති මෛත්‍රීට බැණ වැදුණු මහවැලි අමාත්‍යංශයේ සේවිකාව අත්අඩංගුවට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (11) දිනයේ මහවැලි අමාත්‍යාංශයේදී බැන වැදී ආවේගශීලීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම අමාත්‍යාංශයේ සැලසුම් ශිල්පිනියක් පසු පොලිස් ඇප මත මුදාහැර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ හදිසියේම මහවැලි
අමාත්‍යාංශයට පැමිණ තිබූ අතර එහිදී ආරක්ෂක නිලධාරියෙක් ‘ජනාධිපති ඇවිත් සිටිනවා. ඔතනින් අයින් වෙන්න’ යැයි පැවසීමත් සමඟ සැකකාර කාන්තාව ලෙස ආවේගශීලීව හැසිරීම බැන වැදී ඇති බව පොලිසිය කියයි.

එම කාන්තාව ජනාධිපතිවරයා රැඳී සිටි විදුලි සෝපානය අසලට යාමට උත්සාහ දරා ඇතැයිද පොලීසිය කියයි. එම අවස්ථාවේදී ජනාධිපති ආරක්ෂකයන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන මරදාන පොලිසිය ගෙන විත් තිබේ. එහිදී සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඇය මානසික ආබාධයට ප්‍රතිකාර ලබා ගත් තැනැත්තියක් බවයි.

පසුව ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එම කාන්තාව පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක් තැනැත්තියකි. සිදුවීම සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


No comments:

Post a Comment

Post Bottom Ad