"අපේ ආණ්ඩුවෙන් කිසි දෙයක් වික්කේ නැහැ" - මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

"අපේ ආණ්ඩුවෙන් කිසි දෙයක් වික්කේ නැහැ" - මහින්ද

තමාගේ ආණ්ඩුවෙන් කිසි දෙයක් විකිණූ නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තමන්ට කිසිදු රහස් ගණුදෙනුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් බැහැ දකිම සඳහා අද මැණික්හින්න, හුරිකඩුව ශ්‍රී විද්‍යා සාගර පිරිවෙනට පැමිණි අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

“බලය හීන වෙන්නෙ නැහැ. මන්ත්‍රීවරුන්‌ අතර අසන බෙදා ගන්න බැරිව තමයි මේ යන්නේ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. මම කිව්වනේ අපේ පක්ෂය බලයේ ඉන්න කොටත් එහෙමයි. විපක්ෂයේ ඉන්න කොටත් එහෙමයි. ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඕන කෙනෙකුට එන්න පුළුවන්. බලය හීන වීමක් වෙන්නේ නැහැ ඒක තුළ. දැන් ඒක ඇතුළේ ඉන්න කට්ටියනෙ ඔය කියන්නෙ. ඩිල් ගෙන ඉන්න අය කියනවා මාත් එක්ක ඩිල් එකක් තියෙනවා කියල. මම රනිල් වික්‍රමසිංහත් එක්ක කිසිම ඩිල් එකක් නැහැ.කිසිම ඩිල් එකක් දාන්න මට බැහැ. 

මොකද අපි කියන්නෙත් මේ ආණ්ඩුවට රනිල්ගෙන් අයින් වෙලා එන්න අපි එතකොට පිළිගන්නම් කියලනෙ. මේ මුළු සටනම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. ප්‍රාදේශීය සභා මැතිවරණයේදීත් සටන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට විරුද්ධව.” “කවුද වග කියන්න ඕනා සම්පත් විකුණන්න. සම්පත් විකිණීමේ වගකීම සම්පුර්ණම ගන්න ඕනා එයාලා. මැතිවරණ කල් දැම්මේ මේ ආණ්ඩුව. ඊයේ මාතර පොලෙන් මට කතා කරලා කියනවා 130 යි ලූ පොල් ගෙඩිය. මම දන්නේ නැහැ මෙහෙ කීයද කියලා. නමුත් ඒක තමයි ඇත්ත කතාව. 

මේ රටේ ජිවන වියදම වැඩි වෙලා. සංවර්ධනයක් වෙන්නේ නැහැ. හැබැයි කියනවා රටේ සංවර්ධනයක් වුනාය. ආණ්ඩු කිසිවක් කරපු නැති වැඩ කොටසක් කරයි කියලා. අර එතකොට මතක් වෙන්නේ අර රජ්ජුරුවන්ගේ ඇඳුම වගේ. මේ සම්පත් විකිණීම සම්පුර්න වැරදියි කියල අපි සටන් කළේ. අපේ ආණ්ඩුවෙන් කිසි දෙයක් වික්කේ නැහැ. විකුණපු හුගක් දේවල් අපි ගත්තා. පිටරටට වික්ක ඒවා හිටන් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එකතු වීම අපිට ගැටළුවක් නැහැ. ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. 

ආණ්ඩුවේ ඉගෙන අපි යම්කිසි ගිවිසුමක් ගැහුවොත් අපිත් මේ ආණ්ඩුවේ කොටස් කාරයෝ වෙනවා. ඒකයි ඉතින් අපිට තියෙන ගැටලුව. නැත්තම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කිසි ගැටළුවක් නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශයෙන් අදත් එහෙමයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad