අලුත්ම අභියෝගයකට මුහුණු දීමට චන්දිමාල් කණ්ඩායමක් සමගින් හෙට දිවයිනෙන් පිටත් වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

අලුත්ම අභියෝගයකට මුහුණු දීමට චන්දිමාල් කණ්ඩායමක් සමගින් හෙට දිවයිනෙන් පිටත් වෙයි..

මේ මස 14 වැනිදා සිට 17 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන T10 ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත. මේ සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ දිනේෂ් චන්දිමාල් හට හිමිවී ඇත.

එක පිලකට පන්දුවාර 10ක් ලැබෙන මෙම නව තරඟාවලියට කලම්බෝ ලයන්ස්, බෙංගාල් ටයිගර්ස්, කේරල කිංග්ස්, පන්ජාබි ලෙජන්ඩ්ස්, මරත ඇරබියන්ස් හා පක්ටූන්ස් යන කණ්ඩායම් 6 සහභාගී වන අතර එම කණ්ඩායම් වලට රංගන හේරත්, කුමාර සංගක්කාර, ව්රේන්ද්‍ර ෂෙවාග්, ෂොයිබ් මලික්, ඉයන් මෝර්ගන්, ශාහීඩ් අෆ්රිඩි වැනි ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම අන්තර්ගතව සිටියි.

තවද මෙහි එක් තරඟයක් විනාඩි 90කට සිමා වෙන අතර මෙහි ශ්‍රී ලංකා කණ්ඩායමට චන්දිමාල්ට අමතරව ඩිල්ෂාන් මුණවීර, රමිත් රඹුක්වැල්ල, ඇන්ජලෝ පෙරේරා, තික්ශිල ද සිල්වා, සචිත්‍ර සේනානායක, ෂෙහාන් ජයසූරිය වැනි අත්දකිම් බහුල හා ප්‍රහාරාත්මක ක්‍රීඩකයින් රැසක් ඇතුළත් කර ඇත.

මේ අන්දමට පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලි තුළින් ක්‍රීඩකයින්ගේ ප්‍රබල ක්‍රීඩා කෞශල්‍යය නොමදව දැකගන්නට ක්‍රීඩාලෝලීන්ට හැකි වනු ඇති අතර එයින් ප්‍රේක්ෂකයින් හට තරඟයකින් අපේක්ෂා කරන මට්ටමේ ඉතාමත් හොඳ ආස්වාදයක් ද ලබා ගැනීමට හැකි වෙනු ඇත.

මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (13) දිවයිනෙන් පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා T10 කණ්ඩායම – දිනේෂ් චන්දිමාල් (නායක), ඩිල්ෂාන් මුණවීර, රමිත් රඹුක්වැල්ල, ඇන්ජලෝ පෙරේරා, තික්ශිල ද සිල්වා, වනිදු හසරංග, විශ්ව ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මදුසංක, ලහිරු මදුසංක, කසුන් මදුසංක, කිත්රුවන් විතානගේ, භානුක රාජපක්ෂ, අලංකාර අසංක, ෂෙහාන් ජයසූරිය.

තරඟ කාලසටහන

දෙසැම්බර් 14
බෙංගාල් ටයිගර්ස් හා කේරල කිංග්ස් තරගය සවස 5.30ට
මරත ඇරබියන්ස් හා පක්ටූනස් තරගය සවස 7.30ට

දෙසැම්බර් 15
බෙංගාල් ටයිගර්ස් හා පන්ජාබි ලෙජන්ඩ්ස් තරගය සවස 5.30ට
මරත ඇරබියන්ස් හා කලම්බෝ ලයන්ස් තරගය සවස 7.30ට
පන්ජාබි ලෙජන්ඩ්ස් හා කේරල කිංග්ස් තරගය රාත්‍රී 9.30ට
කලම්බෝ ලයන්ස් හා පක්ටූනස් තරගය රාත්‍රී 11.30ට

දෙසැම්බර් 16
අර්ධ අවසන් පුර්ව තරඟ

දෙසැම්බර් 17
අවසන් මහා තරඟය
(මෙහි සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දැක්වන අතර සියලුම තරඟ සාජා පිටියේ දී පැවැත්වේ)

-ද පපරේ ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad