‘අපි බංකොළොත් වෙලා නෑ.. වන්දි ගෙවන්න සූදානම් වෙන්න’.. සිංහ පිළට ‘සකීබ්’ ගෙන් අනතුරු ඇගවිමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

‘අපි බංකොළොත් වෙලා නෑ.. වන්දි ගෙවන්න සූදානම් වෙන්න’.. සිංහ පිළට ‘සකීබ්’ ගෙන් අනතුරු ඇගවිමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා සංචාරය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුවේ.ඒ බංගලාදේශයේ බංගලාදේශ කණ්ඩායම සමඟින් තරඟාවලියකට සහභාගී වීමට නියමිතව තිබෙන නිසාවෙනි.

අතීතයේ බංගලාදේශය සමඟ තරඟාවලියක් යනු නවකයන් සඳහා කණ්ඩායමේ දොර විවරවන ප්‍රවීනයන්ට මද විවේකයක් ලැබෙන තරඟාවලියකි.නමුත් මේ වන විට මේ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්වී බංගලාදේශය තම රටේදී ඉතා ප්‍රබල කණ්ඩායමක් බවට පත්වී ඇත.

මෙම තත්වයට පත්වීමට බංගලාදේශයට උදව් කල චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවීර ඉදිරි තරඟාවලියේ සිටින්නේ ශ්‍රී ලංකාව සමඟ නිසා මෙම තරඟාවලිය තවත් තරඟකාරී බවට පත්වනු ඇති බව විචාරකයන් මත පල කරන අතර ,මේ අතරවාරයේ බංගලාදේශ කණ්ඩායම නව ටෙස්ට් නායකයෙකුද නම් කර ඇත.

වසර 2009 සිට 2011 දක්වා ටෙස්ට් තරග 9 කදී බංග්ලාදේශ පිලේ නායකත්වය දැරූ සකිබ් අල් හසන් පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදී විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය බාරගත්තේය. ටෙස්ට් පිලේ නායකත්වයද සකිබ් අල් හසන්ට පවරා දී ඇත්තේ දකුණු අප්‍රිකානු සංචාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට අත්වූ දරුණු පරාජයෙන් පසුවය.

ශකීබ්ට  2009 සිට 2011 දක්වා එම කාලසිමාව තුළ ජයග‍්‍රහණය කිරීමට හැකිවුයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වු ටෙස්ට් තරගයක් පමනක් වුවද මේ වන විට කණ්ඩායමේ තත්වය වෙනස්ය. නායකයා බවට පත්වීමෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දැක්වූ ෂකීබ් පවසා ඇත්තේද තම කණ්ඩායම මේ වනවිට හොඳ තැනක සිටින බවය.

“ටෙස්ට් තරගාවලිය අපේ රටේ තියන නිසා අපිට ගොඩක් වාසියි.මොකද රටින් පිටදි ක‍්‍රිඩා කරද්දි ගොඩක්දුරට අපි සාර්ථක වෙලා නෑ.ඒක අපිට ගොඩක් හොද අවස්ථාවක්..අපේ ක‍්‍රීඩකයින් ගොඩක් දෙනෙක් මේ වෙලාවෙ දක්ෂතා අතර ඉන්න නිසා මෙදා පාර නායකත්වය ලබාදෙන එක ලේසියි..කණ්ඩායමේ අනෙක් ක‍්‍රිඩකයින් ගොඩක් හොදට ක‍්‍රීඩා කරනවානම් නායකයකුට තියෙන පීඩනය ගොඩක් අඩුයි.”

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය යටතේ ශ‍්‍රී ලංකා පිල තරග වදින පළමු ටෙස්ට් තරගාවලිය ද මෙය වනු ඇති අතර හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවත්වීම හේතුවෙන් ක‍්‍රීඩකයින්ගේ මානසිකත්වයට බලපෑම් එල්ල වූ බව එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හුසේන් ප‍්‍රකාශ කරමින් කියා ඇත්තේ හතුරුගේ වෙනස්වීම නිසා ක්‍රීඩකයන්ට වුන බලපෑම ඉකුත් දකුණු අප‍්‍රිකානු සංචාරයේදී බංග්ලාදේශය ලැබූ දැවැන්ත පරාජයෙන් තහවුරු වූ බවයි.

නව නායකයා මාද්‍ය වෙත හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කර ගැනීම ගැන පවසා ඇත්තේ ශ්‍රී ලංකාව හතුරුසිංහ පැහැරගත් වරදට ඉදිරි තරඟාවලියේදී ශ්‍රී ලංකාවෙන් පලිගැනීමට සුදානම් කථාවකි.

 ‘ශ‍්‍රී ලංකාව හතුරුසිංහව පැහැරගත්තත් අපේ කණ්ඩායම බංකොළොත් වෙලා නෑ..ඉදිරි තරගාවලියේදී ශ‍්‍රී ලංකාව දරුණු ලෙස පරාජයට පත් කරනවා’ යැයි සකීබ් පවසා ඇත.

ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් විස්සයි-20 තරග සඳහා උපනායකත්වයේ රැඳී සිටියද ටෙස්ට් සංචිතයේදී ඔහුගේ ස්ථානය (උප නායකත්වය) මහමදුල්ලා වෙත හිමිවී තිබේ. එක්දින කණ්ඩායමේ නායකයා වශයෙන් මෂ්රාෆි මෝර්ටසා දිගටම රැඳී සිටිනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad