රංගේ බණ්ඩාර නිදොස් කොට නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

රංගේ බණ්ඩාර නිදොස් කොට නිදහස්

රංගේ බණ්ඩාර නිදොස් කොට නිදහස්

නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජිප් රථයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීම සඳහා වෙනත් වාහනයක ලියාපදිංචි සහතිකයක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

නීතිපතිවරයා විසින් පනවා තිබූ අදාළ නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා ඉදිරියේ විභාගයට ගැනුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගිහාන් රත්නායක මහතා සඳහන් කළේ අදාළ කාරණය සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවය සහ විත්තිකාර පාර්ශවය සමතයකට පත්ව ඇති බවයි.

ඒ පිළිබඳව පැමිණිලිකාර පාර්ශවය දිවුරුම් ප්‍රකාශයක් මඟින් තම දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ හේතුව නිසා විත්තිකරුට එරෙහිව නඟා ඇති අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

එම ඉල්ලීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව අදින් අවසන් කොට විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad