දෙවන දිනටත් විදුලි බල සේවක උපවාසය අඛණ්ඩව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

දෙවන දිනටත් විදුලි බල සේවක උපවාසය අඛණ්ඩව

දෙවන දිනටත් විදුලි බල සේවක උපවාසය අඛණ්ඩව
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වෘත්තීය සමිති ආරම්භ කළ උපවාසය අද (12) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි. කොටුව ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට මෙම උපවාසය පැවැත්වෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ වැටුප් ලබාදීමේ දී සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පල කරමින් මෙම උපවාසය ඊයේ (11) දිනයේ ආරම්භ කළේය. අද දිනය තුළ ඊට විසඳුම් නොලැබුණහොත් අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් විමසීමකදී ඔහු පවසා ඇත්තේ විදුලිබල මණ්ඩලයේ කළමනාකරීත්වය සහ විෂය භාර අමාත්‍යවරයා සමඟ  අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේ දී මෙම ගැටළුව පිලිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad