ඥනසාර හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අතර හමුවක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 15, 2017

ඥනසාර හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අතර හමුවක්‌

ඥනසාර හිමි සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අතර හමුවක්‌
බොදුබල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමි සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල්වරයා අතර හමුවක්‌ ඊයේ (14) උදෑසන කාදිනල් නිල නිවසේදී සිදුවිය.

එහිදී රට තුළ සිදු කෙරෙන වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල සහ ඉරිදා අමතර පංති පැවැත්වීමට විරුද්ධව කාදිනල්වරයා සිදුකළ ප්‍රකාශයට ස්‌තුතිය පළකළ ඥනසාර හිමි 2012 වසරේ දී මේ පිළිබඳව එවක ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මුදල් යොදවමින් සිදුකරන වන්ධ්‍යාකරණ වැඩපිළිවෙලට අදාළ සාක්‍ෂි සහ විස්‌තර කාදිනල්වරයාට ලබාදෙනු ලැබූහ.

මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව රැක ගැනීම සියල්ලගේම වගකීමක්‌ බව පැහැදිලි කළ කාදිනල්වරයා අප සතුව පවතින වටිනාකම් ආරක්‌ෂා කරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක්‌ බව පැහැදිලි කර සිටියහ. බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරි කථිකාචාර්ය දිලන්ත විතානගේ ඇතුළු තවත් භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ බොදුබල සේනා සංවිධානය නියෝජනය කරමින් මෙම අවස්‌ථාව සඳහා සහභාගි වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad