විපක්ෂ පුවත්පත් මැඩිමට කඩදාසි හිඟ කළ මොරිටානියාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 24, 2017

විපක්ෂ පුවත්පත් මැඩිමට කඩදාසි හිඟ කළ මොරිටානියාව


බටහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන මොරිටානියාවේ විපක්ෂ පුවත්පත් දින දහයකට ආසන්න කාළයක් තිස්සේ මුද්‍රණය කිරීමට නොහැකිව තිබෙනවා. එරට රාජ්‍ය මුද්‍රණාලය ප්‍රකාශ කර තිබෙන්නේ රටෙහි පවත්නා කඩදාසි හිඟයක් හේතුවෙන් මෙම පුවත්පත් මුද්‍රණය කිරීමේ නොහැකියාවක් පවතින බවයි.

මෙම තත්ත්වය දිනපතා පුවත්පත් හතක් ඇතුලු පුවත්පත් සහ වාර ප්‍රකාශන 23 කට බලපා තිබෙනවා. කෙසේ නමුත් රජයේ පුවත්පත් සඳහා මෙම කඩදාසි හිඟය බලපා නොමැති අතර ඒ පිළිබඳ පුද්ගලික පුවත්පත් ප්‍රකාශකයින් විමතිය පළ කර තිබෙනවා.

මොරිටානියාවේ පුද්ගලික පුවත්පත් සමාගම්වලටද සිය පුවත්පත් මුද්‍රණය සඳහා රජය මත යැපීමට සිදුව තිබෙනවා. ඒ මීට වසරකට පමණ පෙර එරට පුද්ගලික පුවත්පත්වලට වෙළෙඳ දැන්වීම් මගින් මුදල් ඉපයීම තහනම් කරමින් පැනවූ නීතියක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad