ටෙම්බින් සුළි කුණාටුව නිසා පිලිපීනයේ ජීවිත හානි 200 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 24, 2017

ටෙම්බින් සුළි කුණාටුව නිසා පිලිපීනයේ ජීවිත හානි 200 ක්


දකුණුදිග පිලිපීනයට බලා තිබෙනනක  ප්‍රබල ටෙම්බින් නිවර්තන
සුළි කුණාටුව හේතුවෙන්  ගංවතුර හා නායයෑම් සිදුව ඇත. මියගිය සංඛ්‍යාව 200 ඉක්මවන බව විදෙස් වාර්තා පවසයි.පැයට කිලෝමීටර් 80ක පමණ වේගවත් සුළං ඇති කරමින් දකුණුදිග පිලිපීනය හරහා ගමන් කර ඇති මෙම සුළි කුණාටුව මින්ඩනාඕ දූපතේ විහාල පිරිසකට බලපා ඇත. 

විපතට පත් ඇතැම් පිරිස් බේරාගැනීම සඳහා ළඟාවීම අතිශය දුෂ්කර කටයුත්තක් වී ඇත. මින්ඩනාඕ දූපතේ ටියබොඩ් සහ පියාගාපෝ නගර සුළි කුණාටුවෙන් දරුණු ලෙස හානියට ලක්ව ඇති අතර, ඩලාමා ගම්මානය ක්ෂණිකව ඇති වූ ගංවතුර සමග සම්පූර්ණයෙන් සේදී ගොස් තිබේ. ටෙම්බින් සුළි කුණාටුව මේ වනවිට බටහිර දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ අංශ පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad