මේ දේවල් කන්නෙ බලාගෙනයි. ඔබේ දරුවන් බිලි ගන්නා පිටකොටුවේ මහා ජාවාරම හෙළිවෙයි. (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

මේ දේවල් කන්නෙ බලාගෙනයි. ඔබේ දරුවන් බිලි ගන්නා පිටකොටුවේ මහා ජාවාරම හෙළිවෙයි. (VIDEO)

ග්‍රාමීය මට්ටමේ කුඩා ව්‍යාපාර, පාසල්වල ආපනශාලා, වෙළඳසැල් මෙන්ම කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් සිදුකරගෙන ගිය මහා පරිමාන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නට නෙත් එෆ්.එම්. බැලුම්ගල කණ්ඩායම සමත් වුනා. 

විශේෂයෙන්ම චීනය මුල් කරගනිමින් ලංකාවට ආනයනය කරනලද කල් ඉකුත් වූ ටොෆි චොකලට් ඇතුළු රස කැවිළි වර්ග කලක් තිස්සේ මොවුන් ඉතා ව්‍යාජ ලෙස අලෙවි කර තිබුනා. මෙලෙස ගෙන්වනලද  දේවල් ඉතා අලංකාරලෙ‍ස අසුරා ව්‍යාජ ලෙස නිෂ්පාදිත දිනය,මිල,කල්ඉකුත්වීමේ දිනය සඳහන්කර මෙම දේවල් වෙළඳපොළට නිකුත්කර තිබුනා. මෙම ස්ථානයෙන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකුට මේ පිළිබඳව සැක සිතී මුලින්ම ඒ පිළිබඳව නෙත් එෆ්.එම්. බැලුම්ගල කණ්ඩායමට තොරතුරු ලබා දී තිබුනා.

ඒ අනුව ක්‍රියාත්මක වූ අප කණ්ඩායම තොරතුරු සොයා බැලීමේදීම  පිටකොටුව මුනසිංහපුර ප්‍රදේශයේ NIPPON KANDY යන වෙළඳ සැළෙන් මෙම රසකැවිළි වර්ග මිලදීී ගතහැකිබවද අනාවරණය කරගත්තා. එසේම මෙම ව්‍යාජ රසකැවිළි අලෙවි සැළ සඳහා කෑම වර්ග කිසිඳු ප්‍රමිතියකින් ගෙන්වූ බවට ඔප්පු කිරීමට ඔවුන්ට සාක්ෂි තිබුනේ නැහැ.

දැනටමත් පිටකොටුවේ මෙන්ම බොහෝ වෙළඳසැල්වලට මෙම රසකැවිළි වර්ග ව්‍යාප්ත වී ඇති නිසා ඔබේ දරුවන්ට රස කැවිළි වර්ග ලබා දෙන්නේනම් ඉතා සැළකිලිමත් වෙන ලෙස මතක් කරනවා.



මෙහි සම්පූර්ණ වැඩසටහන මෙතනින් ශ්‍රවණය කරන්න.


………………………… nethgossip.lk ඇසුරෙනි……………………

No comments:

Post a Comment

Post Bottom Ad