මුම්බායි ඉන්දියන් කණ්ඩායම ලසිත් මාලිංග නිදහස් කරයි..හේතුව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

මුම්බායි ඉන්දියන් කණ්ඩායම ලසිත් මාලිංග නිදහස් කරයි..හේතුව මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා  නිදහස් කිරීමට මුම්බායි කණ්ඩායම තීරණය කර තිබේ.

තරගාවලිය ආරම්භයේ පටන්ම මුම්බායි කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග මෙවර ක්‍රිඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට කණ්ඩායම තීරණය කර තිබෙන්නේ මාලිංගට පසුගිය කාලසීමාව පුරාවටම පන්දුවෙන් දක්ෂතා දැක්වීමට නොහැකිවීම හේතුවෙනි. ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා වන්නේද ලසිත් මාලිංගයි. ඔහු තරග 110ක කඩුලු 154ක් දවාගෙන ඇත. වත්මන් අයි.පී.එල්. ශූරයන් වන්නේද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

කෙසේ වුවත් 2013 වර්ෂයේ හා 2015 වර්ෂයේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් වටිනා කාර්්‍යබාරයක් ඉටුකළ මාලිංග පිළිවෙලින් එම වර්ෂවල කඩුලු 20ක් හා 24ක් ලබා ගෙන ඇත. මේ වසරේ පැවැති තරගාවලියේදී තරග 12කට ක්‍රීඩාකළ ලසිත් මාලිංග එහිදී දවාගත්තේ කඩුලු 11ක් පමණක් වන අතර මාලිංගගේ පන්දු යැවීමේ සාමාන්‍ය දැක්වුයේ පන්දුවාරයට 8.84ක් වශයෙනි. ක්‍රීඩක වෙන්දේසිය  ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad