අන්තිමේ රාජිත දෙපැත්තෙන්ම කිච-පච වෙයි.. එජාප-ශ‍්‍රීලනිප දෙපැත්තෙන් තලා පොඩිකර දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 4, 2017

අන්තිමේ රාජිත දෙපැත්තෙන්ම කිච-පච වෙයි.. එජාප-ශ‍්‍රීලනිප දෙපැත්තෙන් තලා පොඩිකර දමයි..

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බව ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් හමුවෙන් පසුව මාධ්‍ය අමතමිනි. මේ අතර සම කැබිනට් ප‍්‍රකාශක ඇමති ගයන්ත කරුණාතාලක මහතාද පවසන්නේ එක්සත් ජාතික පක්‍ෂයද ශ‍්‍රීලනිපය හා එක්ව තරග කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

එක්ව තරග කිරීම සදහා කිසිදු සාකච්චාවක් හෝ නොපැවති බවත් එවන් ක‍්‍රියාවත් සදහා දැඩි විරෝදය පල කරන බවත් පවසන නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා ඇමති රාජිත සේනාරත්න මහතාට කුමක් හෝ වැරදීමක් වන්නට ඇතැයිද සදහන් කරයි.

ශ‍්‍රීලනිපය හා එජාපය ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එක්ව තරග කිරීමට සලකා බලන බවත් බේරුවල ආසනයේ එසේ තරග කිරීමට තීරණය කර අවසන් බවත් ඇමති රාජිත සේනාරත්න විසින් කල ප‍්‍රකාශය හේතුවෙන් මෙම සංවාදය ඇතිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad