UPFA-A Brighter Future වෙනසක් කරන්න සූදානම් – යහපාලනයේ ක්‍රියා ගැන කලකිරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

UPFA-A Brighter Future වෙනසක් කරන්න සූදානම් – යහපාලනයේ ක්‍රියා ගැන කලකිරේ

යහපාලනය ගෙනඒමේ දී සමාජජාල හරහා විශාල කාර්යභාරයක් සිදු කල UPFA-A Brighter Future පිටුවේ ඇඩ්මින්වරයෙකු වන ජනාධිපති සම්බධිකරණ නිලධාරීවරයෙකු ලෙස කටයුතු කරන ඔශල හේරත් මහතා විසින් අද දිනයේ මාධ්‍ය සාකච්චාවක් කැඳවා තිබුනේ, UPFA-A Brighter Future පිටුව හා සම්බන්ධව කෙරෙන කටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහාය.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශකර සිටියේ, වර්තමාන සමාජ ජාලා අවභාවිතය පිලිබඳ තමන් ඇතුළු බොහෝ පිරිසක් කලකිරීමට පත්වී සිටින බවය. විශේෂයෙන් අදහස් දක්වූ ඔහු පවසා සිටියේ පසුගිය කාලයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ සිදුවූ තරුණයකුගේ මරණය සම්බන්ධව විමල් වීරවංශ මහතාගේ දියණිය සම්බන්ධකර ගනිමින් ඉතාමත් පහත් ගනයේ මාධ්‍ය භාවිතාවක් කිරීමට බොහෝ පිරිස් කටයුතු කල බවත් මේ පිලිබඳ ඔහු ජනාධිපතිවරයාද දැනුවත් කල බවකි.

මේ අතර යහපාලනයේ ඇතැම් ක්‍රියා යහපාලනයට සම්පූර්ණයෙන්ම පටහැනිව සිදුවන අතර ජනාධිපතිවරයා ඇතැම් අවස්ථාවල ඒ පිලිබඳ නිහඬ පිළිවෙතක්ද අනුගමනය කරන බවත්, ඒ ක්‍රමය වෙනස් කර නිවැරදි තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිනබවත් ප්‍රකාශ කළේය. එලෙසම සිය පිටුවේ ඉදිරි ගමන්මගේ වෙනසක්ද සිදුවිය හැකි බව ඔහු විසින් පැවසීය. මේ වෙනස කුමක්දැයි, ෆේස්බුක් පරිශීලකයන් බලාසිටිනු ඇත.

සම්පූර්ණ මාධ්‍ය සාකච්චාව පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad