පකිස්තානය සමග දෙවන ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකාව ජයගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

පකිස්තානය සමග දෙවන ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකාව ජයගනී


ඩුබායි හි පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 68 කින් ජය ගනිමින් ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයම ජය ගැනීමට සමත් විය.

තරගයේ පලමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව මුල් ඉනිම සදහා ලකුණු 482 ක් ලබා ගත් අතර පාකිස්තානයට සිය පලමු ඉණිමට රැස්කළ හැකිවූයේ ලකුණු 262ක් පමණි. කෙසේවුවද, ශ්‍රී ලංකා දෙවැනි ඉණිම ලකුණු 96 කට සීමා විය. ඒ අනුව පකිස්තානයට අවසන් ඉණිමේ හිමි වු ජයග්‍රාහී ඉලක්කය ලකුණු 317 ක්වුද පාකිස්තානයට රැස් කළ හැකිවූයේ ලකුණු 248 කි.

දිල්රුවන් පෙරේරා එහිදී ලකුණ 98 කට කඩුලු 05 ක් දවා ගැනීමට සමත් විය. පකිස්තානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරග 5 කින් යුතු ශ්‍රී ලංකා පකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad