ශලිල මුණසිංහගේ ගණුදෙනුව ගැන ලිට්ට්‍රෝ සමාගම කියන කතාව මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

ශලිල මුණසිංහගේ ගණුදෙනුව ගැන ලිට්ට්‍රෝ සමාගම කියන කතාව මෙන්න (PHOTOS)


ලිට්ට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ විසින් සිදුකළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් වූ ගණුදෙනුව පිළිබඳව සමාගමේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ලිට්ට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා. එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් සිය හවුල්කාර සමාගම් මෙන්න මහජනතාවටත් මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

රජයේ අයිතිය යටතේ පවතින ලිට්ට්‍රෝ ගෑස් ලංකා සමාගම දැඩි නියාමක රාමුවක් යටතේ තම ව්‍යාපාරික කටයුතු සිදුකර සමාගමක් බවයි පෙන්වා දී තිබෙන්නේ. එමෙන්ම තමන්  අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වන විධිමත් ව්‍යාපාරික හා ගිණුම්කරණ පටිපාටීන් අනුගමනය කරන ආයතනයක් බව ද නිවේදනයක් ලිට්ට්‍රෝ ගෑස් ලංකා සමාගම අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශලිල මුණසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබුණා.



No comments:

Post a Comment

Post Bottom Ad