මන්ත්‍රී නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

මන්ත්‍රී නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට


9.15 PM
මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඔක්තෝබර් හයවෙනිදා (06) හම්බන්තොට නගරයේ ගෙන ගිය උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ කැඳවීමක් අනුව අද හම්බන්තොට පොලිසියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණි ඩී. වී. චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඊට අමතරව උපාලි කොඩිකාර,සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන පළාත් සභා මන්ත්‍රීවරුන් ද අද (10) අත්අඩංගුවට ගත් කණ්ඩායමට ඇතුළත් වෙයි. හම්බන්තොට පොලිසිය විසින් ඉහත කී සයදෙනා අත්අඩංගුවට ගන්නා ලද බව නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

ඉහත කී විරෝධතා ව්‍යාපාරයට එක්වූ 28 දෙනෙකු "කලහකාරී ලෙස හැසිරීමේ" චෝදනාව යටතේ ඔක්තෝබර් හයවෙනිදාම අත්අඩංගුවට ගනු ලැබුණි. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ මෙම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර එහි ඇතිවූ උණුසුම් වාතාවරණය හමුවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද තුවාල ලද බව වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad