ශ‍්‍රී ලංකාව ඩුබායිහිදි පරදින වෙස් පෙරලති.. තරගයත් දිනා තරගාවලියත් දිනති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

ශ‍්‍රී ලංකාව ඩුබායිහිදි පරදින වෙස් පෙරලති.. තරගයත් දිනා තරගාවලියත් දිනති..

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි හි පැවැති දිවා රාත්‍රී ටෙස්ට් තරගයෙන් ශ‍්‍රී ලංකාව ලකුණු 68ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

ශ‍්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහර දී මුල් ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 482ක් රැස් කල අතර පිළිතුරු ලෙස පකිස්තානය මුල් ඉනිමට සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 262ක් පමණි. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ලකුණු 96 කට සියළු දෙනා දැවී ගියේ ජයග්‍රහණය සඳහා ලකුණු 317ක ඉලක්කයක් පකිස්තානයට ලබා දෙමිනි.

කෙසේ වෙතත් පකිස්ථානය සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 248ක් පමණි. මෙම තරගයත් සමග ශ‍්‍රී ලංකාව 2-0ක් ලෙස තරගාවලිය ජයගෙන සිටී.

ශ‍්‍රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 482යි

දිමුත් කරුණාරත්න 196යි, දිනේෂ් චන්දිමාල් 62යි, දිල්රුවන් පෙරේරා 58යි,නිරෝෂන් දික්වැල්ල 52, යෂීර් ශා  6/184

පාකිස්තානු පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 262යි

අසාර් අලී 59යි, හැරිස් සොහිල් 56යි, දිල්රුවන් පෙරේරා 3/ 72, රංගන හේරත් 3 /84,

ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුනු 96යි

කුසල් මෙන්ඩිස් 29යි,වහබ් රියාස් 4/ 41 ,හැරිස් සොහිල් 3/ 1

පාකිස්තානු දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුනු 250යි


අසාද් ශෆීක් 112යි,සෆ්රාස් අහමඩ් 68යි ,දිල්රුවන් පෙරේරා 5 /98,රංගන හේරත් 2 /57

No comments:

Post a Comment

Post Bottom Ad