කොළොන්නාවේ දැරියන් අතුරුදන් වූ සිද්ධිය පිටුපස එජාප මන්ත්‍රී බිරිඳකගේ මවක් - සියල්ල හෙළිවෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

කොළොන්නාවේ දැරියන් අතුරුදන් වූ සිද්ධිය පිටුපස එජාප මන්ත්‍රී බිරිඳකගේ මවක් - සියල්ල හෙළිවෙයි (PHOTOS)

කොළොන්නාවේ පදිංචිව සිටි 19 හැවිරිදි මවක් සහ 15 හැවිරිදි ඇගේ නෑනාත් 14 හැවිරිදි අසල්වැසි දැරිවියකුත් අතුරුදන් වීමේ සැබෑ කතාව මේ වන විට වැල්ල්ම්පිටිය පොලීසිය අණාවරණය කරගෙන හමාරය. ඒ සම්බන්ධයෙන් සැකපිට කිහිපදෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අය අතර ගම්පහ දිස්ත්‍රික් එජාප මන්ත්‍රීවරයෙකුගේ බිරියකගේ මවක්ද සිටින බව පොලීසිය සඳහන් කරයි.
ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ බලවයස්කාර දැරිවියක් භාරකරුවන්ගේ නිසි අනුදැනුමකින් තොරව මෙහෙකාර සේවයේ තබා ගැනීම සඳහා සම්බන්ධ බව පොලීසිය කියයි. 15 හැවිරිදි නැගණියට පෙම්වතෙක් සිටින අතර ඒ සම්න්ධයෙන් නිවෙසින් තිබී ඇත්තේ බලවත් විරෝධයකි.ඒ සම්බන්ධයෙන් නිවසේ විවිධ ගැටුම්  සහ ප්‍රශ්ණ ඇතිවී තිබෙන බව සඳහන්ය.
පහුගිය සෙනසුරාදා 19 හැවිරිදි තරුණ මව මාස එක හමාරක් පමණ වයසැති සිය සිඟිත්තියද කරපින්නාගෙන 15 හැවිරිදි නෑනාත් සමග සේදවත්තේ පිහිටි ඇගේ මහගෙදරට යන්නට සූදානම් වී ඇත.එවිට අසල්වාසි නිවසේ පදිංචිව සිටින 14 හැවිරිදි දැරිවියද ඊට එක්ව ඇත්තේ අයද මේ අය සමග ඉතා ළඟන ඇසුරු කරන අය බැවිනි.
සේදවත්ත නිවසේ එදින පැය කිහිපයක් ගතකර ඇති ඔවුන් රෙදි මිලිදී ගැනීමට දෙමටගොඩ පිහිටි රෙදි සාප්පුවකට යන බව සඳහන් කරමින් නිවසින් පිටත්ව ගොස් ඇත්තේ සවස් යාමයේදීය.ඒ යන විට 19 වියැති මව සිය සිඟිත්තිය මහගෙදර තබා ගොස් තිබේ. 15 වියැති නෑනා නැවත නිවසට යා නොහැකි බව පවසා තිබෙන බවත් ඇය සමග ඒ යන තැනක යන්නට 19 වියැති නෑනාත් එක්ව ඇති බවත් පොලීසිය කියයි.ඊට අවසානයේ 14 වියැති දැරියත් එක්ව තිබේ.
ඔවුන් දෙමටගොඩින් දුම්රියේ නෑගී ගම්පහට ගොස් තිබේ.ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ හෝටලයකට ගිය  ඔවුන් තේ බොන අතරේ හෝටලයේ සිටි කාන්තාවකගෙන් නවතින්නට තැනක් සොයා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එම කාන්තාව කෑම පාර්සල් අලෙවි කරමින් ජීවත් වන තැනැත්තියක බවත්,ඇය මේ තිදෙනාව ඇගේ නිවසට රැගෙන ගොස් තිබෙන බවත් පොලීසිය කියයි.
14 හැවිරිදි දැරිවිය දෙමළ ජාතික දැරියක් බැවින් බත් අම්මා ඇයව සිය නිවසේ තබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ඒ අනුව මන්ත්‍රීවරයාගේ නැන්දාම්මාගේ නිවසේ මෙහෙකාර සේවයට ඇයව යොමුකර ඇත්තේ එම බත් අම්මා බවත් පොලීසිය කියයි.මන්ත්‍රීවරයාගේ නැන්දම්මාගේ නිවසේ මෙහෙකාරියක් සේවයේ නිරතව සිට ඇත බවත්,ඇය දීපවාලි වෙනුවෙන් ඒ දිනවල ගමේ ගොස් සිට ඇකි බවත් ඇයට ඒ නිවසේ මෙහෙකාරකමට යවා ඇත්තේ බත් අම්මාගේ නිවස කිට්ටුව පදිංචිතරුණයෙක් හරහා බවද වාර්තාවේ.
සෙනෙසුරාදා සිට අතුරුදන්ව සිටි මෙම තිදෙනා සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ඔවුන්ව සොයා පරීක්ෂණ පවත්වන විට 15 හැවිරිදි නෑනා පෙම්වතාට ලබාදුන් දුරකථන ඇමතුමක් ගැන බැලීමක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට පොලීසිය එම පෙම්වතාව අත්අඩංගුවට ගැනීමෙන් පසු 19 වියැති මවත්,15 හැවිරිදි නෑනාත් පෙරේදා 18 වැල්ල්ම්පිටිය පොලීසියට පැමිණ පෙම්වතාව මුදාහරින ලෙස ඉල්ලීමක් කර තිබේ.එහිදී 14 හැවිරිදි දැරිය ගැන පොලීසිය ඒ දෙදෙනොගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදි ඇය නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටින බව හෙලිව ඇත
ඒ අනුව වැල්ලම්පිටිය පොලීසියේ කණ්ඩායමක් ගම්පහට ගොස් බත් අම්මාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇගෙන් කළ ප්‍රශ්ණ කිරීම් වලින් පසු දැරියව මෙහෙකාර සේවයට රැගෙන ගිය තරුණයාව අත්අඩංගුවට ගෙන තිබේ.තරුණයාගෙන් ප්‍රශ්ණ කර මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් 14 හැවිරිදි දැරිය සොයාගෙන ඇත. එතැනදි නිවැසියන්ගේ බලවත් විරෝධතාව හමුවේ පොලීසිය මන්ත්‍රීවරයාගේ නැන්දනිය අත්අඩංගුවට ගෙන ගම්පහ යක්කල පොලීසියට භාරදී දැරිවිය වැල්ලපිටිය පොලීසියට රැගෙන විත් ඇයව ගම්පහරට රැගෙන ගිය 19 හැවිරිදි මවද අත්අංඩගුවට ගෙන ඇත.


 

 

 

No comments:

Post a Comment

Post Bottom Ad