උතුරේ විරෝධතා පැවැත්වූ සිවාජිලිංගම් ඇතුළු පිරිස ජනපති හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

උතුරේ විරෝධතා පැවැත්වූ සිවාජිලිංගම් ඇතුළු පිරිස ජනපති හමුවෙයි

02 (1)
පසුගියදා යාපනයේදී කළු කොඩි ඔසවා විරෝධය පළ කළ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිස ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූහ. පසුගිය යුද සමයේ සිදුවීම් හේතුවෙන් දැනට සිරදඬුවම් ලබා සිටින දමිළ සිරකරුවන් සහ චෝදනාවට ලක්ව බන්ධනාගාර ගත කර, දැනට නඩු කටයුතු සිදුකරමින් සිටින පිරිස් වෙත සහනයක් ලබාදෙන ලෙස ඔවුන් මෙහිදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ඇත. 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ගැටලු පිළිබඳව නීතිපතිවරයා, පොලීසිය මෙන්ම අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ප‍්‍රකාශයක් ලබන සතිය තුළදී සිදුකරන බවයි අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad