බාල පෙට‍්‍රල් නැවක් ගෙනේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

බාල පෙට‍්‍රල් නැවක් ගෙනේ..

මෙරට බෙදා හැරීම සදහා ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන්වන ලද පෙට‍්‍රල් ලීටර 40,000ක ප‍්‍රමාණයක් ප‍්‍රමිතියෙන් තොර බව පරීක්‍ෂණවලදී හෙලිවිම නිසා එම තොගය ගොඩබෑම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

දැනට දින දෙකකට පෙර කොළඹ වරායට සිංගප්පුරුවේ සිට පැමිණ ඇති මෙම තෙල් තොගය සහිත නැව ඒ අනුව ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ. මෙම තෙල් තොගය ගොඩබෑමට පෙර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේදී කරන ලද පරීක්‍ෂණවලදී මෙම තෙල් තොගය ප‍්‍රමිතයෙන් තොර බව හෙලිව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad