විරෝධතා කර මාව දුර්වල කරන්න එපා.. එතකොට යක්‍ෂයා බලවත් වෙනවා..- ජනපති දරුණු කතාවක් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

විරෝධතා කර මාව දුර්වල කරන්න එපා.. එතකොට යක්‍ෂයා බලවත් වෙනවා..- ජනපති දරුණු කතාවක් කියයි..

යම් යම් විරෝධතා කරලා උද්ඝෝෂණ කලොත් ශක්තිමත් වෙන්නේ යක්‍ෂයා බව අමතක නොකරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ යාපනයේදී පැවති දෙමල භාෂා දින සැමරුම් උත්සවය අමතමිනි. ජනාධිපතිවරයාට විරෝධය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයකම පැවති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම අදහස් පල කලේය.

එක් විරෝධතාවයක් පැවති ස්ථානයට ජනාධිපතිවරයා වාහනයෙන් බැස ගිය අතර එහිදී විරෝධතාවරුවන් සිය ගැටළු පවසා සිටිහය. එම ස්ථානයේ දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුද විය. ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවන කාල සීමාවේදී යාපනයේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තහන්ම කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad