Exclusive : චන්ද්‍රිකා අත්තනගල්ල ප්‍රාදේශිය සභාවට තරග කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

Exclusive : චන්ද්‍රිකා අත්තනගල්ල ප්‍රාදේශිය සභාවට තරග කරයි..

‘දැනට පාර්ලිමේන්තුව හෝ පලාත් සභාවක් නියෝජනය නොකරන ශ්‍රීලංකා නිදහස් පක්ෂ සියලුම ආසන සංවිධායකවරුන් ඉදිරියේදී පැවත්වෙන පලාත් පාලන මැතිවරණයට තරග කල යුතු’ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ශ්‍රිලනිප සියලුම සංවිධායකවරුන්ට දැනුම් දුන් බව අද (14) ලංකාදීප පුවත්පත මුල් පිටුවේ වාර්තා කොට ඇත.

මන්ත්‍රී පුටු නැති ආසන සංවිධායකවරුන්ට ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ඊයේ කොටුවේ ජනාධිපති මන්දිරයේදී 12 වෙනිදා පැවති රැස්වීමේ දි බවත් ඒ අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ශක්තිමත් පදනමක් යටතේ පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට හැකි බවට හෙතෙම වැඩිදුරටත් පැවසු බැව් එම පුවත්පත වාර්තා කරයි.

මේ අනුව අත්තනගල්ල ආසනයේ නව සංවිධායක ලෙස පසුගිය දා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පත් කල අතර ඇය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසු පරිදි පාර්ලිමේන්තුව හෝ පලාත් සභාවක් නියෝජනය නොකරන වර්තමාන ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වරියකි.

එබැවින් ඉදිරියේදි පැවත්වෙන පලාත් පාලන මැතිවරණයේදි එම ආසනයේ ඇති අත්තනගල්ල ප්‍රාදේශිය සභාව සඳහා තරග කොට පක්ෂ නායකත්වයේ නියෝගය ක්‍රියාත්මක කල යුතුය.

lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad