රනිල් පිලට එරෙහිව රවි එජාප පසුපෙල අල්ලයි.. වැඩමුළු පවත්වයි.. රවීට එරෙහිව විනය පරීක්‍ෂණ ඇරඹේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

රනිල් පිලට එරෙහිව රවි එජාප පසුපෙල අල්ලයි.. වැඩමුළු පවත්වයි.. රවීට එරෙහිව විනය පරීක්‍ෂණ ඇරඹේ..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවලදී පින්ලන්ත සංචාරයක නිරතව සිටියදී රවි කරුණානායක හිටපු ඇමතිවරයා විසින් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 ආසන්න පිරිසක් කැදවා සිදු කල වැඩමුළුවක් ගැන පරීක්‍සණයක් ආරම්භ කර තිබේ.

රවි කරුණානායක හිටපු ඇමති විසින් මේ ආකාරයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් කැදවීම ගැන අගමැතිවරයාට කිට්ටු ඇමැතිවරු හා මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු දැඩිව විවේචනය කර ඇත. මෙම විනය පරීක්‍ෂණය ක‍්‍රියාත්මක වන්නේ එම පිරිස විසින් අගමැතිවරයාට කරන ලද දැනුම් දීම අනුවයි.

අදාල වැඩමුළුවට පැමිණි මන්ත්‍රීවරුන්ට දිවා-රාත‍්‍රී ආහාර මෙන්ම සුපිරි ඝණයේ විදේශීය මත්පැන් සමගින් ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක් සමග සංගීත සැදෑවක්ද පවත්වා ඇත. මන්ත්‍රීවරුන් රාත්‍රියේ නවාතැන් ගෙන ඇත්තේ සුඛෝපභෝගී කාමරවලයි. අගමැතිවරයාට සමීප ඇමතිවරුන් විවේචනය කිරීමට මෙම වැඩමුළුවෙන් වැඩි කාලයක් වෙන්ව තිබූ බවද හෙලිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad