රවී හා අර්ජුන්ගේ දිවුරුම් ප්‍රකාශ පට්ට බොරු බව කොමිසමට හෙළිවෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

රවී හා අර්ජුන්ගේ දිවුරුම් ප්‍රකාශ පට්ට බොරු බව කොමිසමට හෙළිවෙයි..

වර්ෂ 2015 මාර්තු මාසයේ 28 වැනිදා අපේ රටේ ඇති රාජ්‍ය බැංකු තුනෙහිම ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයට කැඳවූ එවකට මුදල් ඇමැති රවි කරුණානායක අපූරු නියෝගයක් දුන්නේය.

එම නියෝගයෙන් ඔවුන්ට නියම කොට ඇත්තේ ඊට පසුදින මහ බැංකුවේ පැවැත්වෙන භාණ්ඩාගාර වෙන්දේසියේදී රාජ්‍ය බැංකු තුන විසින් ලංසු තැබිය යුත්තේ තමන් විසින් ලබාදෙන ඉතා පහළ අගයන් සඳහා ඉතාමත්ම ඉහළ පොලී අනුපාතයන් යටතේ වූ මිල ගණන් පත් (ඡඪඤඵ) හරහා බවය.

අපේ රටේ රාජ්‍ය බැංකු තුනවන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවද නියෝජනය කරමින් එකී රැස්වීමට සහභාගිවූ සභාපතිවරු තිදෙනාම බැඳුම්කර විමර්ශන කොමිසම හමුවේ පසුගිය සතියේදී මේ බව අනාවරණය කළෝය. එහිදී හෙළිදරව් වුණු තවත් කරුණක් වූයේ මුදල් ඇමැතිවරයා විසින් රුපියල් බිලියන 60ක පමණ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් නිකුත් කරන්නට මහ බැංකු අධිපතිවරයාටද දැනුම් දී තිබීමය.

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට රුපියල් කෝටි ගණන් ලාභ ලබාගන්නට හැකි වන පරිදි අසීමිත අගයන්ගෙන් යුතු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්නට ශ්‍රී ලංකා මහ බැංකුවට නියම කොට ඇත්තේද අන් කවරකුවත් විසින් නොව ඒ රවි කරුණානායක මුදල් ඇමැතිවරයා විසින්ම බව ඒ පුවතින් හෙළිදරව් විය.

ස්කන්ධ හා රාජ්‍ය සුරැකුම් ආඥා පනත යටතේ ස්වාධීන ආයතනයක් වශයෙන් ස්ථාපිතව ඇති ශ්‍රී ලංකා මහ බැංකුවට එවැනි නියෝගයක් හෝ නියමයක් කරන්නට මුදල් ඇමැතිවරයාටවත් මහ බැංකුව තම පාලනයට යටත් කොට ගෙන සිටින අගමැතිවරයාටවත් කිසිදු හැකියාවක් නොමැති බව ඒ අවස්ථාවේදීම බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසමට සහාය වන රාජ්‍ය නීතිඥ මණ්ඩලයේ සාමාජිකාවක වූ ජේ‍යෂ්ඨ රාජ්‍ය නීතිඥ සහීඩා බාරී විසින්ය.

මේ අතර මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් සේවක අර්ථ සාධක අරමුදලේ භාණ්ඩාගාර අංශයේ ප්‍රධානියා හැටියට කටයුතු කරනන්ට පත් කරන ලද සමන් කුමාර නමැත්තාගේ සහායෙන් සිය බෑනාගේ පර්පචුවල් සමාගමට සල්ලි ගලා එන ඉල්ලමක් පාදා දීම ගැන චෝදනා එල්ල විය.

සිදුවී ඇත්තේ බැඳුම්කර මිලදී ගැනීම් ඔස්සේ මහ බැංකුවට ඉහළ පොලී අනුපාතයන්ට ලබාදීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන ගණන් වූ අති විශාල මුදල් ප්‍රමාණයන් සේවක අර්ථ සාධක අරමුදලේ (ඡ්ර්ථීජ්) සංචිතවල තැන්පත්ව ඇති අපේම මුදල්වලින් ඉතාමත්ම අඩු පහළ පොලී අනුපාතයන්ට අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදීමය. ඉන් සිදුවී තිබුණේ සේවක අර්ථසාධක අරමුදල්වලින් මහා භාණ්ඩාගාරයේ එක් රැස්වන්නා වූ මුදල ඉතාමත්ම අඩු පොලියකට ලබා ගන්නා මහ බැංකු අධිපති මහේන්ද්‍රන්ගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් එම මුදල් කන්දරාව ඉතා ඉහළ පොලියකට මහ බැංකුවට බැඳුම්කර මිලදී ගැනීමට ලබාදීමය. ඉන් අසීමිත ලාභ උපයා ගැනීමය.

ඒ සඳහා අර්ජුන මහේන්ද්‍රන්ගේ පිහිටෙන් සේවක අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර ගනුදෙනු අංශයටත් ගජමිතුරු ඇමැතිගේත් ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේත් පිහිටෙන් රාජ්‍ය බැංකුවල භාණ්ඩාගාර ගනුදෙනු අංශවලටත් ස්වකීය අන්තේවාසිකයන් යොදවා ගැනීමට අර්ජුන් ඇලෝසියස්ට හැකි වී තිබිණි. ඒ පිළිබඳ අලුත්ම තොරතුරු පසුගිය සතියේ බැඳුම්කර කොමිසමෙන් හෙළි විය. ‘ලිට්ල් ජොනී’, ‘චාලි’, ‘කාන්’, ‘ටැන්ගෝ’ යනාදී අපූරු අන්වර්ථ නාමවලින් ඔවුනට ගෙවනු ලබන අල්ලස් මුදල් ප්‍රමාණයන් ගිණුම්ගත කරන ලද බව කොමිසම හමුවේ දිවුරුම් පිට ප්‍රකාශ කර සිටියේ ඇලෝසියස්ගේ සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වශයෙන් එම කටයුතු සිදු කළ නුවන් සල්ගාදුය.

2015 වසර තුළ ‘චාලි’ නමින් හැඳින්වුණු මහ බැංකු නිලධාරියා වන සේවක අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර ගනුදෙනු අංශයේ ප්‍රධානියා හට ගෙවන ලද අල්ලස පමණක් රුපියල් කෝටි 10කට ආසන්න වූ බව කොමිසමේදී හෙළිවිය. හරියටම කියනවා නම් එය රුපියල් මිලියන 97කට අධික වූ මුදලකි. ඔහුට 2015 මාර්තු මස 10 වැනි දින ගෙවා ඇති ‘අල්ලස’ පමණක් රුපියල් ලක්ෂ 32කි. මේ සතිය ඇතුළත අනාවරණය වූ තවත් වැදගත්ම කරුණක් වූයේ රජයේ ප්‍රබලතම ඇමැතිවරුන් දෙදෙනකු පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සහ සභාපතිවරයාද වූ කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන් දෙදෙනා කොමිසම හමුවට කැඳවීමය.

ඊටත් වඩා වැදගත් වූයේ ඔවුන් දෙදෙනා විසින් කොමිසම හමුවේ හෙළිකර සිටි කරුණුවලින් ඔවුන්ගේම කැබිනට්ටුවේ සිටි මුදල් ඇමැති රවි කරුණානායකත්, ඔවුන්ගේම අගමැතිවරයාගේ ගජමිතුරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කොමිසම හමුවේ දිවුරුම් පිට ප්‍රකාශ කර තිබුණේ සද්දන්ත බොරුවක් බවට තහවුරු වීමය. එනම් 2015 පෙබරවාරි මාසය වන විට රජයට රුපියල් බිලියන 75ක හදිසි මුදල් අවශ්‍යතාවක් පැනනැඟී ඇති බැවින් එය රැස්කර දෙන ලෙස ඉල්ලා දිනයක් හෝ ලිපිගොනු අංකයක් හෝ රහිතව රවි කරුණානායක විසින් මහේන්ද්‍රන්ට යොමු කොට ඇති ලිපියත්, එම මුදල් අවශ්‍යතාව පිළිබඳ කතාවත් සහමුලින්ම අසත්‍ය බව ඇමැතිවරුන් දෙදෙනාගේ ප්‍රකාශවලින් තහවුරු වීමය.

සතිය තුළ කොමිසම හමුවේ දිගහැරුණු තවත් වැදගත් කරුණක් වූයේ අර්ජුන මහේන්ද්‍රන් අධිපති ධුරය දැරූ කාලවකවානුව තුළ ඔහුගේ බෑනාගේ සමාගම වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම භාණ්ඩාගාර වෙන්දේසිවලදී ලබා ඇති අරුම පුදුම සාර්ථකත්වය පිළිබඳ තොරතුරුය. එම කාලවකවානුව තුළ මහ බැංකුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී ප්‍රාථමික ගැනුම්කරුවන් අතරින් 89%ක්ම බැඳුම්කර මිලදී ගන්නට සමත්ව ඇත්තේ එම සමාගමය. රාජ්‍ය බැංකුද ඇතුළුව බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ වූ සියලු බැංකු සමඟ ගණනය කළද ඇලෝසියස්ගේ සමාගම විසින් මිලදී ගෙන ඇති භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය සියයට 53කි.

මේ සියලු වැදගත් කරුණු අතරේ වඩාත්ම වැදගත් යැයි සැලකිය හැකි කරුණු ලෙස අප දුටුවේ අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවට කැඳවන ලෙස කොමිසම හමුවේදී ඔහුගේ ගජමිතුරු අර්ජුන මහේන්ද්‍රන්ගේ මුවින්ම ප්‍රකාශ වීමය. අගමැතිවරයාගේ නම කොමිසම හමුවේ අවස්ථා කිහිපයකදීම සඳහන්වීමත්, අනාවරණය වූ බරපතළම සිද්ධීන්වලදී අගමැතිවරයාගේ ප්‍රධාන උපදේශකයා වන ආර්. පාස්කරලිංගම්ද (නිදසුනක් වශයෙන් ගතහොත් රවි කරුණානායකගේ කුප්‍රකට රැස්වීම්වල පවා) සහභාගි වීමත් අගමැතිවරයාට මෙම සිද්ධීන් හා සබඳතාවක් ඇති බවට හෙළිවිය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන දප්පුල ද ලිවේරා හා යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපරිම කැපවීම මතම අනාවරණයකර ගත් විනාශ කළ දත්ත ගොනු සොයා ගැනුණි. එම විනාශ කොට තිබූ දත්ත අතරේ සටහන්ව පැවැති කෙටි පණිවුඩ තුළද අගමැතිවරයාගේ නම සඳහන් විය. එවන් පසුබිමක අගමැතිවරයා කොමිසම හමුවට කැඳවීමේ අවශ්‍යතාවක් නිර්මාණය වී තිබුණු බවද නොකියාම නොහැකිය.

කමල් මහේන්ද්‍ර වීරරත්න
– mawbima

No comments:

Post a Comment

Post Bottom Ad