දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ඉදිරියටත් වැසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ඉදිරියටත් වැසි

ඉදිරි කාලය තුළ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකම වැසි ඇති විය හැකි බව කාල ගුණ විද්‍යා දෙපාර්ත මේන්තුව සඳහන් කරනවා. උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත‍්‍රීකුණාමලය සහ මඩකලපුව යන දිස්ත‍්‍රීකවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද කඩින් කඩ වැසි ඇති විය හැකියි. දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad