මම කිව්වේ ඇත්ත දළදා වහන්සේ ගැන පැහැදිලි නැතිකම ගැන විතරයි - පිටිදූවේ සිරිධම්ම හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

මම කිව්වේ ඇත්ත දළදා වහන්සේ ගැන පැහැදිලි නැතිකම ගැන විතරයි - පිටිදූවේ සිරිධම්ම හිමි

පසුගියදා මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිවරුන්ගෙන් තමා කළ ප්‍රකාශයක් සම්බන්ධව සමාව ඉල්ලා සිටි  පිටිදූවේ සිරිධම්ම හිමියෝ එම අවස්ථාවේ මාධ්‍ය අමතා මෙසේ සඳහන් කළහ. ‘මම කළ යම් ප්‍රකාශ නිසා මහ නාහිමිවරුන් ඇතුළු සංඝයා වහන්සේට සිත් වේදනාවක් සහ අපහාසයක් ඇති වූවා නම් සමාව ඉල්ලා සිටිනවා. මට සමාව ඉල්ලන්න කිසිදු ලැජ්ජාවක් නැහැ. ඒ නිසා මම ඉදිරියටත් මහ නාහිමිවරුන්ගේ මඟ පෙන්වීම යටතේ සම්බුද්ධ ශාසනයටත් මේ බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කිරීමටත් කටයුතු කරනවා. ඒ සඳහා මහ නාහිමිවරුන්ගේ ආශීර්වාදය ලැබෙන බව මට විශ්වාසයි.

මම දළදා වහන්සේට අපහාස කළේ නැහැ. මම සඳහන් කළේ සමාජයේ මිනිසුන් ධාතු වන්දනාවෙ යනවා කියලා විශාල මුළාවකට ලක්වෙලා කියලයි. ලංකාවේ නගර කීපයකම දළදා වහන්සේ වැඩ සිටිනවා කියනවා. මින් ඇත්ත දළදා වහන්සේ කුමක්ද? මම කිසිදු තැනක නමක් සඳහන් කළේ නැහැ. මම දළදා වහන්සේට අපහාස කළේ නැහැ. මට කියන්න අවශ්‍ය වී තිබුණේ ධාතු වන්දනාව මුවාවෙන් සමාජය තුළ ඇති මේ මිථ්‍යා මතවල වැරදි පෙන්වාදීමටයි.

මීට වඩා අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ ජීවිත හදාගෙන ජීවිත ආලෝකවත් කරගෙන අඳුරෙන් එළියට යන එකයි. නමුත් එක්තරා මාධ්‍යයක් මම පැවසූ දෙයකින් සුළු කොටසක් දාලා මම දළදා වහන්සේට අපහාස කළා කියලා වීඩියෝ පටයක් සකස්කර එය ප්‍රචාරය කිරීමෙන් මේ අවුල් ඇතිවුණේ. නැතිව මම කිසිම දිනක එවන් ප්‍රකාශයක් කර නැහැ. මම අද වන තෙක් මල්වතු මහ නාහිමියන්ට හෝ එහි වාසය කරන සංඝයා වහන්සේට කිසිදු වචනයකින් හෝ අපහාසයක් කර නැහැ.‘ දන්ත ධාතුව ඌරු දතක් ලලාට ධාතුව සිප්පි කටුවක් යයි කියමින් පිටිදූවේ සිරිධම්ම හිමි සිදු කළ ප්‍රකාශය පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad