ක‍්‍රීඩකයින් 40කගේ විරෝධය නොතකා ලාහෝර් තරගයට යාමට ක‍්‍රිකට් ආයතනය තීරණය කරයි.. උපුල් තරංග ඉවත්වේ.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවුලෙන් අවුලට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

ක‍්‍රීඩකයින් 40කගේ විරෝධය නොතකා ලාහෝර් තරගයට යාමට ක‍්‍රිකට් ආයතනය තීරණය කරයි.. උපුල් තරංග ඉවත්වේ.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවුලෙන් අවුලට..

පාකිස්තානයේ ලෝහෝර් නුවරදී පැවැත්වීමට නියමිත තුන්වන 20-20 තරගය කිසිදු වෙනසක් නැතිව පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පස්වරුයේ රැස්වුණු ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසිනි. මෙම තරගයට සහභාගී කරවීමට ගත් තීරණය යලි සලකා බලන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය ක්‍රීඩකයින් 40ක පමණ පිරිසක් ක්‍රිකට් ආයතනයට ලිඛිතව දන්වා තිබින.

මේ අතර පකිස්තානය සමග පැවැත්වෙන 20-20 තරගාවලිය සදහා සහභාගී නොවීමට ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක උපුල් තරංග තීරණය කර ඇති බව වාර්තා වෙයි. ආරක්‍ෂක හේතුන් මත මෙම තීරණය ගෙන ඇති බවද සදහන් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad