ලිට්රෝ සභාපතිගේ වැඩ තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 11, 2017

ලිට්රෝ සභාපතිගේ වැඩ තහනම්

තායිවාන බැංකු සයිබර් අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටින ලිට්රෝ ගෑස් සමාගමේ මෙරට සභාපති ශලීල මුණසිංහ ගේ වැඩ තහනම් කර ඇතැයි ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් දන්වා
ඇත. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත එසේ වැඩතහනම් කරනු ලැබ ඇති බවද දැක්වේ.

පරීක්ෂණ නිමවනතුරු ඔහුගේ වැඩ තහනම් නොකරන්නේ මන්දැයි ඊයේ ජවිප නායක අනුර කුමාරද විමසා තිබුණි. අද උදෑසන කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත කියා තිබුනේ ‘ඔහු වරදක් කරාද කියා තාම පැහැදිලි නෑ. මුදල් ගනුදෙනු ලොකුවට කරන කෙනෙකුගෙ බැංකු ගිනුමකට සමහර හැකර්ලා මුදල් දානවා. එහෙම වුණාම අහක ඉන්න අයත් අහුවෙනවා. ඒ නිසා මේ පරීක්ෂණ නිමවනතුරු රජය මොකවත් කරන එකක් නැ‘ යනුවෙනි.

ශලිල මුණසිංහ මහතාට ලිට්රෝ සභාපති කම ලබාදුන්නේ ඇමති රවි කරුණානායක වන අතර සිය පක්ෂය  හංසයා ලකුණ තරග කිරීමට ලබාදී පසුගිය ජනපතිවරණයේදී කළ උපකාරයට ප්‍රතිඋපකාර ලෙස එම තනතුර ලැබී තිබුණි. තායිවාන බැංකු සයිබර් වංචාව සම්බන්ධයෙන් සැකකරන ශලීල මුණසිංහ අද අධිකරණයට ඉදිරිපත් කළ පසුව නැවතත් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරයට යොමු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad