Exclusive : බැදුම්කර නිසා මලික්-කබීර් ඇමති ධුරවලින් ඉවතට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 11, 2017

Exclusive : බැදුම්කර නිසා මලික්-කබීර් ඇමති ධුරවලින් ඉවතට..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විශේෂ විමර්ශණ කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දීම සදහා මලික් සමරවික‍්‍රම හා කබීර් හෂිම් යන ඇමතිවරුන් මේ වන විට එම කොමිසම හමුවට පැමිණ සිටී.

බැඳුම්කර කොමිසමේ මෙම පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක් වඩාත් සාධාරන පරීක්‍ෂණයක් පැවැත්වීම උදෙසා මෙම ඇමතිවරුන් දෙදෙනා තාවකාලිකව එම ඇමති ධුරයව්ගෙන් ඉවත් කෙරෙනු ඇති බවට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. හිටපු ඇමති රවි කරුණානායක මහතාද මෙම පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක් සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබූ විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙරයි.

තමන් අනුව යමින් පරීක්‍ෂණ අවසන් වන තුරු මෙම ඇමතිවරුන් දෙදෙනාද දුරයෙන්ගෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු ඇමති රවි කරුණානායක මහතා එජාප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු සමග පවසා ඇතැයි සමාජ ජාලයන්හි පලවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad