ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයක්

ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයක්
දිවයිනට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් පීඩන අවපාතයක් බවට පත් වී දිවයිනෙන්  ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සඳහන් වේ.

දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තුවන අතර දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළංද අපේක්ෂා කල හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.

අනෙකුත් පළාත්වල විශේෂයෙන් මොණරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සමහර ස්ථානවලට තරමක් තදවැසි (මි.මී.50ට වැඩි) ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.  අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad