‘නව ව්‍යවස්ථාව වහා නවතවු..’ අස්ගිරි-මල්වතු මහානාහිමිවරුන් ඓතිහාසික රන් ආයුධ මණ්ඩපයේදී මහාවංශයේ රනින් ලියැවෙන තීන්දුවක් ගනිති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

‘නව ව්‍යවස්ථාව වහා නවතවු..’ අස්ගිරි-මල්වතු මහානාහිමිවරුන් ඓතිහාසික රන් ආයුධ මණ්ඩපයේදී මහාවංශයේ රනින් ලියැවෙන තීන්දුවක් ගනිති..

මේ මොහොතේ ශ‍්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් උවමනා නැති බවත් එම ක‍්‍රියාවලිය වහා නවතා දැමිය යුතු බවත් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් විසින් අද ඒකමතිකව තීරණය කර ඇත.

නිකායන් දෙකේ කාරක සංඝ සභාවේ හිමිවරුන් අද මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ රන් ආයුද මණ්ඩපයේ රැස්වී ඒකමතිකව තීරණය කර ඇත්තේ මේ මොහොක් ශ‍්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කිසිසේතම අවශ්‍ය නොවන බවයි. යෝජිත ව්‍යවස්ථාව ඒකීය යයි කියූවත් ඉන් බුදු දහමට නිසි ස්ථානය නොලැබෙන බවත් එමගින් පළාත් සභාවලට පූර්ණ බලය ලබා දීමට යන බවත් උන් වහන්සේලා කියා සිටිති.

මෙම නව ව්‍යවස්ථාවට ශ‍්‍රී ලංකාවේ උභය පාර්ශවීය සංඝ රතනය මෙන්ම සමස්ථ ශ‍්‍රී ලංකාවේම බලවත් විරෝධය පළ කරන බව එහිමිවරුන් සදහන් කරති. සංග සභාව අවසානයේ අදාල විශේෂ තීරණය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ මේ බව මාධ්‍ය වෙත නිල වශයෙන් දැනුම් දුන්හ.


No comments:

Post a Comment

Post Bottom Ad