වාර්තා පොත් අලුත් කළ විලියර්ස් ප‍්‍රහාරාත්මක ඉනිමෙන් බංගලාදේශයට දැවැන්ත ඉලක්කයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

වාර්තා පොත් අලුත් කළ විලියර්ස් ප‍්‍රහාරාත්මක ඉනිමෙන් බංගලාදේශයට දැවැන්ත ඉලක්කයක්

සංචාරක බංගලාදේශ කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි එක්දින තරගය මේ වන විට දකුණු අප‍්‍රිකාවේ පර්ල් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

එහිදී බංගලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 353ක් ලබා ගැනීමට සමත් වුනා. එහිදී ප‍්‍රහාරාත්මක පිතිහරඹය නිරත වු ඒ බී ද විලියර්ස් සිය 25වන එක්දින ශතකය වාර්තා කරමින් හයේ පහර 07ක් හා හතරේ පහර 15ක් සමගින් පන්දු 104 කදී ලකුණු 176ක් රැුස් කිරීමට සමත් වුනා.එය විලියර්ස්ගේ එක්දින දිවියේ හොදම ඉනිම ලෙසද වාර්තා පොත් අතරට එක්වුවා.

මීට අමතරව හෂීම් අම්ලා නැවත වරක් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 85ක් රැස් කිරීමට සමත් වු අතර විලියර්ස් හා එක්ව ලකුණු 136ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ද සමත් වුනා. එම ශතක සම්බන්ධතාවයත් සමග දකුණු අප‍්‍රිකාණු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 100ට වැඩි සම්බන්ධතා පැවැත්වු ලැයිස්තුවේ පෙරමුණට පැමිණිමට විලියර්ස් හා අම්ලා  සමත්වුවා.

ඔවුන් දෙදෙනා එක්ව අවස්ථා 12කදී ශතක සබදතා පවත්වා ඇති අතර එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ අවස්ථා 11කදී එම දස්කම දක්වා ඇති හර්සල් ගිබිස් හා ග‍්‍රැහැමි ස්මිත්ය. බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ රූබල් හුසේන ලකුනු 62කට කඩුලු 04ක් බිද හෙළිමට සමත් වුනා.

No comments:

Post a Comment

Post Bottom Ad