තාජුදීන් ඝාතන සිදුවීම : හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

තාජුදීන් ඝාතන සිදුවීම : හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට ඇප

තාජුදීන් ඝාතන සිදුවීම : හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට ඇප
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරිමේ චෝදනා එල්ල වී ඇති කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණෙයන් ඇප හිමි වී ඇති බව වාර්තා වේ. නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු අද දහවල් අධිකරණයට බාර වී තිබුණි.

මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා වසීම් තාජුදීන් ඝාතනයේ සැකකරුවෙකු ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොක්සි මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අද දිනයේ නිකුත් කිරිමට නියමිතව තිබියදී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා මෙලෙස අධිකරණයට බාරවී ඇති අතර ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක්ද ඉදිරිපත් කර ඇති තිබිණි.ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප මත ඔහු මුදා හැරිණි. ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad