රතන හිමි ආණ්ඩුවට සති දෙකක් කල් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

රතන හිමි ආණ්ඩුවට සති දෙකක් කල් දෙයි

රතන හිමි ආණ්ඩුවට සති දෙකක් කල් දෙයි
සයිටම් ගැටළුව විසදා දීමට සති දෙකක කාලයක් ලබා දෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. වෛද්‍ය පීඨ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඊයේ (18) පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැදැක සයිටම් වෛද්‍ය අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා තීන්දු පිළිබඳව සාකච්ජා කරනු ලැබීය.

පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙසේ පැවසූහ.

“මහජනයා කියන දේ සහ විශ්වවිද්‍යාලවල ගුරුවරු, වෛද්‍ය පිඨවල ගුරුවරු, වෛද්‍ය සංගමය සහ ශිෂ්‍යයෝ මේ ත්‍රිපාර්ශවයේ අදහසට පිටින් දෙයක් දැන් ආණ්ඩුවට කරන්න බෑ.ආණ්ඩුවට ඒ සඳහා මධ්‍යස්ත යෝජනාවක් ක්‍රියාවට නගන්න මාස 9ක කාලයක් ඉක්මවලා ගිහිල්ලා තියෙනවා.ඒ නිසා දැන් රජය සති දෙකක් ඇතුලත මේකට විසදුමක් ලබා දිය යුතුයි කියලා මම හිතනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad